නවතම පුවත්

සමුද්‍රීය ගෑස් ඉන්ධනත් සැපයීමට සූදානම් වන හම්බන්තොට වරාය

අසංක

අසංක

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉන්ධන සැපයීමේ සේවාවන්හී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, “පෲඩෙන්ෂල් ෂිපින්ග්” (Prudential Shipping), නියෝජිතායතනය යටතේ යාත්‍රා වන “නැවිගේටර් ඔෆ් ද සීස්” (Navigator of the Seas) නැමැති මගී ප්‍රවාහන නෞකාව ඉන්ධන ලබා ගැනීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) නැංගුරම් ලෑවේය.

බහාමියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාව, ඊජිප්තුවේ පෝට් සෙයිඩ් සිට හම්බන්තොට වරායට පැමිණි අතර, එය දකුණු කොරියාවේ යෝසු වෙත යාත්‍රා කරමින් තිබේ. 217 ක් වූ එහි කාර්ය මණ්ඩලය කොවිඩ් නිතිරිතී හා රෙගුලාසි පිළිපඳිමින් හම්බන්තොට වරායට ගොඩබැසීමෙන් වැලකුණි.

ඉන්ධන සැපයීම හම්බන්තොට වරාය බලශක්ති සේවාවන්හී වැදගත් අංගයකි. මෙම සේවාවන් ලබා ගැනීම සඳහා වරායට විවිධ යාත්‍රා පැමිණීම, එය ප්‍රධාන නැගෙනහිර බටහිර නැව් මාර්ගයේ උපායමාර්ගික ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ තවත් පියවරකි. වසංගතය පැතිරීමෙන් පසු වරායට පැමිණි පළමු මගී යාත්‍රාව ද මෙයයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසන්නේ, “HIP විසින් මේ වන විටත් සමුද්‍ර ඉන්ධන තොග වශයෙන් සැපයීම ආරම්භ කර ඇත. තරඟකාරී සමුද්‍ර සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස හම්බන්තොට වරාය තවදුරටත් දියුණු කිරීම සඳහා අප සයිනොපෙක් ලංකා සමාගම (SFOL) සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයක් ඇති කර ගත් අතර එතුළින් තොග අපනයනකරුවෙකු ලෙස ඉන්ධන සේවාවන් සැපයීම සහ හම්බන්තොට වරාය වෙත පැමිණෙන යාත්‍රා සඳහා අගය වැඩි සේවාවන්ද ලබා දෙන්නෙමු. සයිනොපෙක් දැනට හම්බන්තොට වරායට අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO) සපයන අතර නුදුරු අනාගතයේ සමුද්‍රීය ගෑස් ඉන්ධන (MGO) සැපයීමටද බලාපොරොත්තු වේ. ඒ තුළින් ඉන්දියානු සාගරයේ ප්‍රධාන මුහුදු මාර්ගයෙන් ගමන් කරන සියලුම යාත්‍රාවලට සේවා සැපයීමට හම්බන්තොට වරායට හැකි වනු ඇත”.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි