නවතම පුවත්

සරසවි මිතුරා උපුල් ජයසිංහ චම්පික රණවකට ලියු ලිපිය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාඨලී චම්පික රණවක මගේ
මිත්‍රයාට ආදරයෙන් ලියමි.

මෙසේ ඔබ ප්‍රසිද්ධියේ අමතන්නට
මා තීරණය කලේ ඔබේ මූනට
මේ තරම් නිදහසේ මේ කරුනු කාරනා කීමට මට සහ , ඒවා 
නිසංසලව ඇසීමට ඔබට නිදහස් වේලාවක් වෙන්කර ගැනීමට මේ අවදියේ නොහැකි
බව මා දන්නා නිසාය .

එහෙත් ඔබ මෙය දැක මගෙන්..

” ඇයි උපුල් මට කතාකරලා හම්බවෙලා මේව කියන්න තිබුනනේ මම බැහැ කියලා නෑනේ කවදාවත් ඔයාව හම්බවෙන්න ” …
යනුවෙන් සමහරවිට ඇසීමටද
ඉඩ ඇත .

මට කවදත් සලකන ඔබේ ප්‍රධාන ආරක්ෂක නිළධාරී නීල් …..
” ඇයි උපුල් මහත්තයා මට කිවුවානම් මම ටක් ගාලා ඇමතිතුමා සම්බන්ධ කරනවානේ ඔබතුමාට ” 
යනුවෙන් අනිවාර්යයෙන්ම මගෙන් අසනු ඇත .

එහෙත් මම නිදහසේ ඔබට මෙසේ පවසන්නට අවසානයේ
තීරණය කලෙමි .

ඒ අවදිය මොරටුව විශ්ව විද්‍යාල යේදී මම එච්. ආර් ජෝතිපාල යන්ගේ ” ජෝතිමේලා ” කැසට් 
පටිය නිෂ්පාදනය කොට විශ්ව විද්‍යාලයේ සමහරක් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උපහාසයට ලක්වී
සිටි අවදියයි .

මේ අවදියේදී මමත් කපිලත් කැසට් පෙට්ටි කරගසාගෙන පාරවල් දිගේ කරක් ගසනු දැක 
තමන්ටද සිනා පහලවූ බව චම්පිකත් , මා මිත්‍ර මහේෂ් දෙනිපිටියත් තවමත් පවසයි .

දේශපාලනය ඇඟපුරාම තිබූ චම්පිකත් අසෝක අබේගුණවර්ධනත් එකල විශ්ව විද්‍යාල ශිෂ්‍ය සටන් වල පෙරමුණ ගත් අයුරු මට තවමත් මතකය .

රජීව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම 
අත්සන් කිරීමට පැමිනි දින පිටකොටුවට ගාලුපාරේ ගමන්ගත් පෙලපාලියේ කලුපටි 
ඔලුවේ ඇඟේ බැඳගෙන 
අපේ මොරටුවේ පිරිස සමඟින් සහපිරිවරින් සටන් බිමට ගිය සැටි මටත් ඔහුටත් තවමත් මතකය .

පසුගිය වසරක රයිගම් ටෙලි සම්මාන උලෙළකදී ” වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ” සම්මානය ලබාගැනීමට මම වේදිකාවට පැමිනෙද්දී එය මට පිරිනැමීමට සූදානමින් වේදිකාවේ බලාසිටි ඇමති චම්පික මාදැක පුදුමයෙන් දෑස් අයාගත් අයුරු මට තවමත් මතකය .

සම්මානය ඔහු අතින් සහ සම්මාන සහතිකය රන්ජන් රාමනායක අතින් මම ලබා ගනිද්දී චම්පික රන්ජන් වෙත හැරී …..

” මෙයා තමයි හරි මිනිහා .
හොස්ටල් එකේදී වජිර අබේවර්ධන ( වර්තමාන කැබිනට් ඇමති ) ඝාතනය කරන්න
ගිහිල්ලා රිමාන්ඩ් එකේත් හිටියා”

මහ හඬින් පවසද්දී ඊලඟට සිටි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාද අප දෙස විශ්මයෙන් බලා සිටියා මට මතකය .

” මම විතරක් යැ .
ඔය කියන එක්කෙනාත් එක්කම තමයි ඒක උනේ “
මමද සිනහවෙන්ම පිලිතුරු දෙමින් වේදිකාවෙන් බැස ආවෙමි.

ඒ අතීතයයි .

අතීතයේදී ඔහුගේ මැතිවරණ සටන් වලදී මම ඔහුට මගේ මුද්‍රණාලය මඟින් උදව් කල අතර ඔහු මට අසීරු අවස්ථාවන්හිදී 
යම් යම් උදව් උපකාර කලබවද 
අප දෙදෙනාම දන්නා කරුනුය.

අපේ අතීතය ගැන සුලුවෙන් නමුත් මෙහි සඳහන්කලේ 
” චම්පික රණවකට මෙහෙම දේවල් කියන්න උපුල් ජයසිංහ 
කවුදැයි ” සමහරුන් අසන්නට 
පුලුවන් බව මම හොඳින්ම දන්නා නිසාය .

රට ජාතිය ආගම ගැන ඔහු එදා පටන්ම දැරූ අදහස් හා ප්‍රතිපත්තීන් ගැන මගේ තිබුනේ
දැඩි ප්‍රසාදයකි.

ඒ මමත් ඒ හැඟීමම ඇඟපුරාම ඇති අයෙකු වූ නිසාය .

සාමාන්‍ය මංත්‍රීවරයෙකු වශයෙන්
මහින්ද රාජපක්ෂ රජයට එක්වූ
ඔහු ඇමතිකම් ලබමින් ක්‍රම ක්‍රමයෙන් එම රජයේ ප්‍රබලම චරිතයක් බවට පත්වූයේ සිංහල ජතික බලවේග නියෝජනය 
කරමින්ය .

එදා මාවිල්ආරු සොරොව්ව ප්‍රභාකරන් විසින් වසා දමද්දි චම්පිකත් රතන හිමියනුත් තිලක්
කරුනාරත්න හා උදය ගම්මන්පිලලා එයට විරෝධය පාමින් එඩිතරව එහිදී කල උපවාසයත් ඒ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් සහ ගෝඨාභය මැතිතුමන් එල්ටීටීඊයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් අවසාන සටන ආරම්භ කල ආකාරයත් ජනතාවට අමතක නැත .

එකට එක්වී මාරාන්තික යුද්ධය
ජයගත් මිතුරන් ඉන් අනතුරුව 
බේද භින්න වෙද්දී චම්පිකද 
මහින්ද රාජපක්ෂ රජයෙන් 2014 
අවසානයේදී ඉවත්විය .

කුමන හෝ කරුනු කාරනා මත සිදු වුවද චම්පිකගේ පිල් මාරුව
මහින්ද රාජපක්ෂ රජයට මරු
පහරක් වූයේ කවදත් සිංහල බෞද්ධ පාර්ශ්වයෙන් වෙන්වී
සුලු ජාතීන් සහ අබෞද්ධයන්
රජකරමින් තිබූ යූඑන්පීය ගැන ජනතාව තුල තිබූ සැකය චම්පික ඒ පාර්ශ්වය ගැනීම හේතුවෙන් තුලනයවී ජනතාව තුල ආරක්ෂාකාරී හැඟීමක් ඇතිවූ නිසාය .

ඇත්තෙන්ම එදා තිස් වසරක කුරිරු යුද්ධය නවතා දමා මිනී කන්නන්ගේ දේශය සාමකාමී නිදහස් නිවහල් රටක් බවට පත්කල රාජපක්ෂවරුන් නෙරපා 
දමන්නට තරම් සවියක් යූඑන්පී ප්‍රමුඛ යහපාලන පිලට ඇතිවූයේ මේ චම්පික රණවකගේ පිල්මාරුව නිසාමය .

නැතිනම් රාජපක්ෂලාගේ මොන මොන වැරදි හා තවත් දේවල් ගැන ජනතාවට කෙතරම් මහහඬින් ප්‍රකාශ කලද සිංහල බෞද්ධයන් යූඑන්පීය විශ්වාස කර රාජපක්ෂවරුන් ගෙදර යවන්නේ නැති බැව් මගේ ඒකායන විශ්වාසයයි .

සිංහල බෞද්ධයන් එදා විශ්වාසය තැබුවේ ඔහුත් රතන හිමියනුත්
ගැනය .

මේ පිල්මාරුව සඳහා ගල්ලෙන බිඳින්නට ආරම්භක පැයේදී එක්වුවද කල වරද තේරී හෝ ක්ෂනයකින්ම නැවතත් ආපසු මහින්ද පාර්ශ්වයට එක්වූ චම්පිකගේ සටන් සගයාවන මගේ ඩී. එස් . සේනානායක විදුහල් ආදිශිෂ්‍ය උදය ගම්මන්පිල සොහොයුරා අද චම්පිකගෙන් හිස්වූ දැවැන්ත හිඩැස රාජපක්ෂ පාර්ශවය වෙනුවෙන් ජයග්‍රාහී ලෙසින් පුරවමින් සිටින්නේය.

මොන මොන ප්‍රතිපත්තිමය කරුනු කාරනා හේතුභූත වුවද
චම්පික රණවක නම්වූ මාගේ
මිත්‍රයා , සිංහල බෞද්ධ නායකයා
එදා පිල් මාරු කිරීමෙන්නම් මේ කරගත්තේ මහා අත්වැරදීමක් බව අද ඔහුට මෙසේ කෙලින්ම ප්‍රකාශ කරන්නේ ඉමහත් කනගාටුවෙනි .

ඔහු අන්තිමේදී සිටගත්තේද , මේ සිටගෙන සිටින්නේද ඔහුට සුදුසු 
ස්ථානයේ නොවනබව මට කෙසේ වෙතත් , මට වඩා දේශපාලන ඥාණයක් ඇති
ඔහුටද මේ වනවිටත් වැටහී
තිබෙන්නට ඇතුවා නිසැක බව
මට දැනෙන්නේය .

මේ පසුගිය වසර හතර පහ පුරාම මොන යහපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කලද ඉහලින්ම ක්‍රියාත්මකවූයේ අපේ ජාතික ආරක්ෂාවේ බිඳවැටීමත් ,
කිසිඳු බිය සැකයකින් තොරව සිංහල බෞද්ධ බලය බිඳවට්ටා සිංහල බෞද්ධ විරෝධීන් ඉහලින් 
ඔසොවා තැබීමත් බව හොඳින්ම 
ප්‍රදර්ශනය වෙද්දී චම්පික රණවක වැනි අයට සිදුවී ඇත්තේ
ඇස් කන් වසාගෙන සිටීමටය .

ඇත්තෙන්ම පසුගිය වකවානුව පුරාම තම ජාතිය ආගම තලා පෙලා දමමින් හා එයට මදිපුංචිකම් කරමින් තම පාර්ශ්වය එලිපිටම කටයුතු කරද්දී තමන්ගේ ඇඟපුරාම 
ඇති සිංහල බෞද්ධ හැඟීම සඟවාගෙන චම්පිකට කලහැකිව ඇත්තේ ඒවාට එරෙහිව රටට පෙනෙන්නට සිහින් ” මීක් ” හඬින් විරෝධයක් නැගීම පමනක්‍ ය.

රටේ ආරක්ෂාව අනතුරේ හෙලමින් ආරක්ෂක කපොලු කඳවුරු ඉවත් කරමින් , රණවිරු 
වන් හිරගෙවල්වල කූඩු කරමින්,
යුද්ධය දිනාදුන් හමුදාපතිවරුන් 
බුද්ධි අංශ නිළධාරීන් උසාවි හිරගෙවල්වලට ගාල් කරමින් ,
ජාතිය ආගම වෙනුවෙන් හඬ නගන භික්ෂූන් වහන්සේලා උසාවි හිරගෙවල්වලට දක්කමින්
අන්තවාදීන් පෝෂනය කරමින් , 
ඒ අන්තවාදීන් සියගනනක් අහිංසකයන් අමු අමුවේම මරාදමද්දී එයට උල්පන්දම් දුන් ඒවා පෝෂනය කල තම පාර්ශ්වයේම අයහා එකට කටයුතු කරන්නට වීමට තරම්
අවාසනාවක් මගේ මිත්‍රයාට අත්වූයේ ඇයි ?

දක්ෂකමෙන් හා කුසලතාවයෙන්
චම්පික හා අලගු තියන්නටවත්
කෙනෙක් අද රජයේ නැත .

සමහරවිට ජනමාධ්‍යවලින් දකින පරිදි චම්පිකගේ ජනාධිපති සිහිනයක් ඇතිදැයි මම නොදනිමි

එහෙත් සිංහල බෞද්ධ හැඟීම ඇති ඔහුට අපේක්ෂකකම දීමට අබෞද්ධයන් රජ කරන යූඑන්පී නායකයනුත් ,
අද යූඑන්පී ය පාලනය කරන දෙමල මුස්ලිම් අන්තවාදි ජ්‍යාත්‍යන්තර බලවේග සහ ඔවුන්ගේ දේශපාලන පක්ෂත් ඉඩ දේවිද ?

කිසිඳු ආගමික ජාතික හැඟීමක් නැති පිරිසක් අතර , තමන්ට කිසිසේත්ම නොගැලපෙන පිරිසක් අතර සිරවී අසරණව සිටින මේ 
උත්තුංග සිංහල බෞද්ධ නායකයා දැන්වත් තමන්ට අයත්
නිසි පිල තෝරාගත යුතුය .

එදා සිංහලයන්ට බෞද්ධයන්ට අවැඩක් , තර්ජනයක් හෝ හානියක් වූ මොහොතේ එතැනට ගොස් සිංහයෙකුමෙන්
කලයුතු දේ කල ඔහු මේ බැම්මෙන් දැන්වත් මිදිය යුතුය .

සරත් ෆොන්සේකා මහතාමෙන්
චම්පික රණවකද මේ සිටින්නේ
කිසිසේත්ම තමන්ට සුදුසු පිලේ නොවේ.

සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව 
පිලිබඳව ඇති දැනීම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිලිබඳව පාර්ලිමේන්තු කමිටුවේදී කරන භූමිකාව නිරීක්ෂණය කිරීමෙන් වටහාගත් හැකි නොවේද ?

පාස්කු කමිටුව ඉදිරියටවිත් පොරවීමට දැඟලූ මා ඩී. එස්. සේනානායක විදුහල් ආදිශිෂ්‍ය අසාත් සාලිට හා අනෙකුත් පංඩිතයන්ට සරත් ෆොන්සේකා
ගෙන් කන රත්වෙන්නට අහගන්නට සිදුවූ අයුරුත් ඉහලම ආරක්ෂක ප්‍රධානීන් තම අසමාන වෘත්තීය නිපුණත්වයෙන් තියුනු ලෙසින් ප්‍රශ්න කරනු ලැබූ අයුරුත් අප දුටුවෙමු .

චම්පික රණවක යූඑන්පී රජයේ සිට කොපමණ අලුත් අලුත් දේවල් කොපමන නිර්මාණය කලත්, උඩින් යන විදුලි දුම්‍ රිය මං මාවත් නිර්මාණය කලත් , කුනු කඳු යටකර අලුත්ම අලංකාර නාගරික උද්‍යාන ඉදිකලත් ඔහු මේ දේශපාලන කුනුගොඩේ මඩගොහොරුවේ සිටිමින් ගාගන්නා කුනු කන්ද ඊටත් වැඩි බව මගේ හැඟීමයි .

මොන දේශපාලන වෙනස්කම් තිබුනත් චම්පික රණවක යනු 
මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ , විමල් වීරවංශ , උදය ගම්මන්පිල , සරත් වීරසේකර , සරත් ෆොන්සේකා , චන්න ජයසුමන , නාලක ගොඩහේවා , මැදගොඩ අභයතිස්ස නාහිමි , කමල් ගුනරත්න , ගෙවිඳු කුමාරතුංග යන අයත් සමගින් එක පෙලට
එකම පිලේ ශක්තිමත්ව සිටගත යුතු සිංහල බෞද්ධ නායකයෙකු බව මගේ අවංක හැඟීමයි .

එදා එකපෙලටම ශක්තිමත්ව සිටගත් චම්පික , උදය , රතන හිමි , මධු මාධව ආදීන් අද බෙදී විසිරී සිටීම ඇත්තෙන්ම කනගාටුදායකය .

කෙසේවෙතත් චම්පික රණවක මාගේ මිත්‍රයා වර්තමානයේ මේ සිටින්නේ ඔහුට කිසිසේත්ම ගැලපෙන තැනක නොවේ.

මා එසේ කියන්නේ පසුගිය කාලයේදී හමුදා මුර කපොලු ඉවත් කිරීමේදී , හමුදා කඳවුරු ඉවත් කිරීමේදී , අන්තවාදී මුස්ලිම්වරුන් 
ගැන රටපුරා කතිකාවතක් මහා විරෝධයක් ඇතිවෙද්දී චම්පික රණවකගේ අතීත භූමිකාව අප දුටුවේ නැති නිසාය .

මා එසේ කියන්නේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් සියගනනක් මියගොස් තවත් සිය ගනනක් තුවාල ලැබූ පසුවද ඔහුගෙන් මෙවන් ජාතික ව්‍යසනයකදී පෙරදැක පුරුදු උත්තුංග යෝධ සිංහල බෞද්ධ නායකයාගේ ප්‍රහාරාත්මක වාග් ප්‍රහාරයත් ,
අප ජාතිය වෙනුවෙන් නැගුන 
අභියෝගාත්මක කාහල නාදයත්
නොඇසුන නිසාය .

මා එසේ කියන්නේ මේරට සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවේය යන වදන් තම පිලේ ප්‍රබලයෙකුගේ මුවින් ඇසෙද්දී ඒ පුද්ගලයාටත් අනාගතයේදී එවන් ප්‍රකාශ වෙන කිසිවෙකුත් නොකරන්නටත් ඔහු තදබල ලෙසින් ක්‍රියාත්මකවෙනු ඇතැයි ජාතිය බලාපොරොත්තු වුවද ඔහු නැගූ හඬ කිසිවෙකුටත් 
ඇසුනේ නැති නිසාය .

මා එසේ කියන්නේ රන්ජන් රාමනායක මා මිත්‍රයා මේ සිංහල බෞද්ධ රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ළමා සාමනේරයන් වහන්සේලා අපයෝජනය කරන්නේ යැයි ද ජාතික ආගම වෙනුවෙන් හඬ නගන භික්ෂූන් වහන්සේලා එසේ හඬනගන්නේ කුඩා කාලයේදී මෙසේ අපයෝජනයට භාජනයවූ ඇරියස් එක පියවා ගැනීමට බවද පවසමින් ප්‍රසිද්ධියේ කල ඒ පාහර ප්‍රකාශයට රටේ හතරවටින් මහා විරෝධයක් එල්ලවෙමින් පවතිද්දීත් ඔහු එයට එරෙහිව ප්‍රකාශ කලේ
” එයා සමාව ඉල්ලන්න ඕනේ “
යන දියාරු විරෝධය පමනක් වීම 
නිසාය .

මා එසේ කියන්නේ මුස්ලිම් අන්තවාදීන් අමු අමුවේම එලිපිටම පෝෂනය කල , තම බල ප්‍රදේශ රටේ නීතියටත් උඩින් ගිය අරාබියක් බවට පත්කල හා අන්තවාදීන් ගේ අරමුදල් නීතිවිරෝධී ලෙසින් රැගෙනවිත්
ලෝකයේ විශාලතම මුස්ලිම් හා ශරියා විශ්වවිද්‍යාලය මඩකළපුවේ ගොඩනැගූ රිෂාඩ්ලා හා හිස්බුල්ලලා වෙනුවෙන් මුලුරටම එක හඬින් විරෝධය එල්ල කරද්දී වෙනදා ඔහුගේ ජාතිය ආගම වෙනුවෙන් නැගෙන සුපුරුදු ප්‍රහාරාත්මක වාග් මාලාව අප නොඇසූ නිසාය .

රට ජාතිය ආගම වෙනුවෙන්
වර්තමානයේ රටතුල ගොඩනැගී
ඇති දැවැන්ත උද්‍යෝගය හමුවේ
චම්පික රණවක නම්වූ අතීත
දැවැන්ත සිංහල බෞද්ධ නායකයා විසින් දක්වන මේ නිහැඬියාව මට දනවන්නේ දැඩි 
කනගාටුවකි .

ඇත්තෙන්ම මේනම් චම්පික රණවක විසින් චම්පික රණවකම
නිහඬ කර ගැනීමකි.

මරා දැමීමකි .

නිකම්ම නිකම් දේශපාලන පංචස්කන්ධයකට එසේ වූවානම්
මම මේ වචන මෙසේ නාස්ති
කරන්නට සිතන්නේවත් පවා නැත.

එහෙත් අපේ ජාතියට ආගමට දැනෙන සේවයක් කල කාලයක්
අපේ ජාතියට ආරක්ෂාව සැලසූ
යෝධයෙක් මෙසේ අනිවාරතේ නිහඬවීම හෝ නිහඬ කිරීම 
අපරාධයක් බව පෙනි පෙනීම
ඇත්තෙන්ම මටනම් නිහඬව සිටින්නට නොහැකිබව මෙහි අවසානයෙදී පවා මෙසේ සටහන් කරනු කැමැත්තෙමි .

චම්පික මගේ මිත්‍රයා ඔබ ඉදිරියටත් අපේ ජාතියට ආගමට අවශ්‍යයි .

ඉදිරියේදී අපේ ජාතියට ආගමට 
අනිවාර්යයෙන්ම එන අභියෝග 
වලට ශක්තිමත්ව මුහුන දීමට
නම් ඔබ ඔබේ වටිනාකමට සරිලන පාර්ශ්වයක කෙලින් සිටගත යුතුමය.

නැතිනම් කාලයක් හුදෙකලාවම අපේ
රට ජාතිය ආගම වෙනුවෙන් දිවි නොතකා සටන්කල දැවැන්ත සිංහල බෞද්ධ නායකයෙකුගේ අභාග්‍ය සම්පන්න දේශපාලන ඉරනම අමු අමුවේම ඛේදනීය ලෙසින් අප ඉදිරිපිටදීම විනාශ වෙනු දැක ගැනීමට තරම් අප අවාසනාවන්ත වෙනු
නියතය .

එය සිංහල බෞද්ධයන්ට කෙසේ වෙතත් දෙමල මුස්ලිම් සුලු ජතිකයන්ගේ අතිශය උද්දාමයට හේතුවක්ම වෙනු නියතය .

චම්පික දැන්වත් තීරණයක් ගන්න .

ගල්ලෙන බිඳින්න !

( කලාවේ මගේ දීර්ඝකාලීන මිතුරු රන්ජන් රාමනායක පසුගියදා මහා සංඝරත්නය උදෙසාකල ඒ නින්දිත ම්ලේච්ඡ ප්‍රකාශයට විරෝධය පාමින් මා විසින් ඔහුව නිරුවත් කරමින් කරනු ලැබූ නිර්දය විවේචනය නිසා රන්ජන් රසිකයන්ගේ සහ යූඑන්පී පාක්ෂිකයන් ගේ බලවත් ක්‍රෝධයට ලක්වී
සිටියදීම මෙසේ චම්පික රණවක මා මිතුරා වෙනුවෙන්ද විවේචනයක් ප්‍රසිද්ධියේ කිරීම
අම්මාමෝ නැතුවම බැටකන්නට වන හේතුවක් බව දැන දැනමත් මෙසේ කරන්නේ මගේ ජාතිය හා ආගම ගැන ඇති ඇල්ම හා ආදරය ඒ සියල්ලට ඉහලින් ඇති නිසාය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්