නවතම පුවත්

සර් අයිසැක් නිව්ටන්ලාගේ රාජකීය සංගමයට ‌‌තෝරාගත් ‌‌‌ලෝ සුපතළ ලාංකික විද්‍යාඥයා

අසංක

අසංක

ඉමක් ‌කොනක් ‌නොමැති ‌ලෝකයේ විවිධ අන්ත ‌සොයාගොස් අනාගතය ‌ගොඩනංවන්නට පදනම දැමූ ‌ ශ්‍රීමත් අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාර්වින්, ස්ටීවන් හෝකින්ස් ආදී ‌‌ලොව විශිෂ්ටතම විද්‍යාඥයින්ගෙන් සැදුම් ලත් එංගලන්තයේ රාජකීය සමාජයේ සාමාජිකත්වය ලැබීමේ භාග්‍යය, ශ්‍රී ලාංකිකයකු වන භෞතික විද්‍යාඥ, මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතාට පසුගියදා හිමිවිය.

ලොව පැරණිතම විද්‍යා සංගමය ලෙස සැල‌‌කෙන රාජකීය සමාජයේ (The Royal Society) සාමාජිකත්වය සඳහා ඒ් මහතා නිල වශයෙන් පිරිනමන ලද්දේ පසුගිය 12 දා ය. ලන්ඩන් නුවර පැවති විශේෂ උත්සවයකදී ඔහුට ඒය පිරිනැමුණු අතර කුමාර් වික්‍රමසිංහ මහතා ‌මෙම ‌විශිෂ්ට අවස්ථාව ලද ‌දෙවැනි ශ්‍රී ලාංකිකයායි. සාර්ස් වෛරසය හඳුනාගත් ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පීරිස් මහතා ද 2006 වසරේදී එහි සාමාජිකත්වය ලැබීය.

ඉතාම තරගකාරී දුර්ලභ අවස්ථාවක් වන රාජකීය සංගමයේ සාමාජිකත්වය සදහා වික්‍රමසිංහ මහතා ‌‌තෝරාගැනීම සිදුවන්නේ කමිටු ගණනාවකින් විවිධ මට්ට‌ෙමෙන් කරන ලද සංකීර්ණ ක්‍රියාපටිපාටියකිනි. විද්‍යාවේ ඔ්නෑම ක්ෂේත්‍රයක් තුළ තම සහජ දැනුම වර්ධනය කරගනිමින් සමාජයට දිගුකාලීන යහපත් බලපෑමක් ඇතිකරනු ලබන නව ‌සොයාගැනීම් පිළිබද අවධානය ‌යොමුකරමින් ‌මෙම ‌තෝරාපත්කර ගැනීම සිදුකරනු ලබයි. භෞතික සහ විදුලි ඉන්ජිනේරු තාක්ෂණය වෙනුවෙන් ඔහු කළ මෙහෙය සැලකිල්ලට ගනිමින් වික්‍රමසිංහ මහතාට ‌රාජකීය සමාජයේ සාමාජිකත්වය හිමිවිය.

මේ වන විට ඇමෙරිකා‌ෙවේ කැලි‌‌‌‌ෆෝනියා ප්‍රාන්තයේ ජීවත්වන ඒ මහතා කැලිෆෝනියා, අර්වින් විශ්ව විද්‍යාලයේ ‌මහාචාර්යවරයකු ‌ලෙස ‌සේවය කරමින් සිටියි. තවත් විශේෂත්වයක් වන්නේ ඒ් මහතා කළ ‌සොයාගැනීම් සදහා ඇමෙරිකානු පේටන්ට් බලපත්‍ර 107ක හිමිකරුවකු වීමයි. නැනෝ තාක්ෂණඥයින් භාවිත කරන නව අන්වීක්ෂ රැසක් නිර්මාණය කර තිබෙන ඔහු hard disk drives පටිගත කිරීමේ ධාරිතාව වැඩි කිරීම සම්බන්ධයෙන් හා ජීව විද්‍යාවට අදාළව පේටන්ට් බලපත්‍ර හිමිකරගෙන තිබේ. ඒ මහතා ‌මේ වනවිට ඉක්මනින් විනිශ්චය කළ හැකි නව තාක්ෂණික උපකරණ නිපදවීම සම්බන්ධයෙන් ‌පර්යේෂණ කරමින් සිටියි.

ශ්‍රී ලංකාවේ ‌වෙසෙන කාලයේ කොළඹ, හිල්ඩන් පෙදෙසේ පදිංචිව සිටි ඒ් මහතාගේ පියා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳ ගෞරව උපාධියක් හිමි ‌මෙරට ප්‍රධාන තක්සේකරු ධුරය දැරූ අ‌යෙකි. කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික පාසලේත් පසුව රාජකීය විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබූ ඔහු පසුව බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදෑරීමට ගියේ සිය පියාගේ වුවමනාව මතය. ඒ් අනුව ලන්ඩන් විශ්ව විද්‍යාලයට ගිය වික්‍රමසිංහ මහතා නැනෝ තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ නිර්මාතෘවරුන් 4 දෙනාගෙන් අයෙකි. ශ්‍රී ලංකාවේ තාක්ෂණික සංවර්ධන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා ඔහුගේ මැදිහත්වීම ද ලැබී තිබේ.

විද්‍යාවෙන් ‌ලෝක ඉතිහාසයට එක්වෙමින් ලංකාවේ නම ‌ලෝකය තුළ ඉහළින් ඔසවා තැබූ මහාචාර්ය කුමාර් වික්‍රමසිංහ මහතාට අපගේ සුබපැතුම්!

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි