නවතම පුවත්

සල්මාන් ඛාන්, යොහානි සමග යුග ගීයක් ගයයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග සජීවි රූපවාහිනි වැඩසටහනක් සඳහා සහභාගී වී ඇත

ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන “Bigg Boss15” නමින් හැඳින්වෙන එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දීය “Bigg Boss” වැඩසටහන සඳහා යොහානි ආරාධිතයෙකු ලෙස සහභාගී වී ඇති අතර එහිදී පටිගත කරන ලද දර්ශන පෙළක් මේ වන විටත් අන්තර්ජාලයට යොමුකර තිබේ.

අද රාත්‍රී 9.30ට ඉන්දියාවේ “colorstv” චැනලය ඔස්සේ යොහානි සහභාගී වූ එම වැඩසටහන නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවකාශ හිමිවනු ඇත.

යොහානි ද සිල්වාගේ පළමු ජාත්‍යන්තර ගෘහස්ත ප්‍රසංගය පසුගිය සැප්තැම්බර් 30 වනදා ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වුණි.

මේ අතර බොලිවුඩ් චිත්‍රපටයක හින්දි භාෂාවෙන් පසුබිම් ගායනයට දායක වීමටත් යොහානිට අවස්ථාව හිමිවී තිබේ.

ඇය ගායනා කළ නවතම හින්දි ගීතය ද මෙරට ගායිකාවක් ගැයූ , අඩුම කාලයක් තුළ  යූ ටියුබ් නැරඹුම් වාර මිලියනයක් පසුකළ ගීතය බවටද පත්ව ඇත.

YouTube player
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි