නවතම පුවත්

සහරාන්ගේ අය ගැන බුද්ධි අංශෙටවත් නැති තතු කලින්ම CIDයට ලැබිලා

අසංක

අසංක

පාස්කු බෝම්බකරු සහරාන් නුවරඑළියේ වියලි අවි පුහුණුවක් ලබාදෙන කදවුරක් පවත්වාගෙන ගිය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී ඇතැයි හෙළිවෙයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ මේ බව හෙළිවිය.

ඒ මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සහ වනාතවිල්ලුවේ ලැක්ටස් වත්තෙන් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී ය.

එම විමර්ශන අධික්ෂණ නිලධාරියා ලෙස සේවයේ නිරතව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී සී.ඩබ්ලිව්. වික්‍රමසේකර මහතා පාස්කු කොමිසම හමුවේ ඉකුත් 14 වෙනිදා රාත්‍රී යේ ලබාදුන් සාක්ෂියේදී මෙම කරුණු හෙළිවිය.

නුවරඑළියේ පුහුණු කදවුර සම්බන්දයෙන් තොරතුරු හෙළිවන්නේ 2019 වසරේ පෙබරවාරියේදී ය.

ටී 56 අවියක් ගලවා එය සවිකරන ආකාරය සම්බන්දයෙන් එහිදී පුහුණුව ලබාදී ඇති බවත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශන ඔස්සේ බුද්ධි අංශ පවා ඒ වන විට හෙළිකර නොගෙන සිටි සහරාන්ගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයින් කිහිප දෙනෙකුගේ නම් හෙළිවූ බව ඔහු කොමිසමට පෙන්වා දුනි.

එම නම් හෙළිකර ගැනීමට සහරාන්ගේ බිරිදගේ සහෝදරයා වන අන්සාර්ගෙන් සහය ලැබී තිබුණු බවත් වික්‍රමසේකර මහතා සාක්ෂියේදී කීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි