නවතම පුවත්

සහරාන්ගේ ගෝලයෙක් ඔත්තුකරුවකු කළ CID විශ්‍රාමික නිලධාරියාට කොමිසමෙන් දොස්

අසංක

අසංක

සහරාන්ගේ කල්ලියේ පුහුණුකරුවෙක් වූ ආමි මොහිදින් නැමැත්තාට වරෙන්තුවක් තිබියදීත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිබව කියමින් ඔහු අත්අඩංගුවට නොගෙන ඔත්තුකරුවෙක් ලෙස යොදා ගැනීමක් සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකුට චෝදනා එල්ල වී තිබේ.

ඒ සම්බන්ධයෙන් මෙම නිලධාරියා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොමිසමේ දැඩි දෝෂදර්ශනයට ඊයේ (23) ලක්විය.

වනාතවිල්ලුවේ ලැක්ටොස්වත්තට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට අනාවරණය වූ වෑන් රථය සහරාන්ගේ බිරිදගේ සහෝදරයාට අයත් එකක් බව අනාවරණය වී තිබුණි.

එසේ තිබියදී ඔහුව අත්අඩංගුවට නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටිමින් අදාල විමර්ශනය භාරව සිටි එම විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා විසින් එම පුද්ගලය ඔත්තුකරුවෙක් ලෙස යොදා ගෙන ඇත.

වෑන් රථය සොයා ගැනීමෙන් පසු එය අත්අඩංගුවටගෙන රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරනවා වෙනුවට එම වෑන් රථය ඔහුටම රැගෙන විත් දින 06 කට පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙස දැනුම් දී ඇති බවද හෙළි විය.

සහරාන් සොයා ත්‍රස්ත විමර්න කොට්ඨාශයේ නිලදාරීන් කණ්ඩායමක් සහරාන්ගේ බිරිද පදිංචිව සිටි නිවසට ගිය අවස්ථාවේදී සහරාන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් පවත්වන බැවින් එම ස්ථානයෙන් ඉවත් වන ලෙසට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ට දුරකනය ඔස්සේ මෙම නිලධාරියා බලපෑමක් කර ඇති බවද කොමිසම හමුවේ සදහන් විය.

එම දුරකතන ඇමතුම ලැබී ඇත්තේ සහරාන්ගේ බිරිදගේ සහෝදරයා හරහා බවද කොමිසමේදී අනාවරණය විය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?