නවතම පුවත්

සහරාන්ගේ ගෝලයෙක් වැලිකඩ දී අභිරහස් ලෙස මරුට – නිලධාරීන්ටත් විශේෂ වෛද්‍ය ප්‍රතිකාරයක්

අසංක

අසංක

සහරාන් හෂීම් සමග ත්‍රස්ත කටයුතුවලට සම්බන්ධ වූ ඔහුගේ ගෝලයෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී අභිරහස් ලෙස ඊයේ මියගොස් තිබේ.

මොහු සහරාන්ගේ හම්බන්තොට පුහුණු කඳවුරෙන් බෝම්බ පිපිරවීම ඇතුළු අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් මරාගෙන මැරෙන පුහුණුව ලැබූවෙක් බව සඳහන් වෙයි.

සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි මොහු පසුව ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාරදී තිබේ.

ඉකුත් 9 වැනිදා දක්වා ඔහු රඳවා සිට ඇත්තේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ භාරයේය.

එදින ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර භාර කොට ඇත.

12 වැනිදා හදිසියේම ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුකොටගෙන බන්ධනාගාරයේ රෝහල්ගත කර ඇත.

13 අලුයම ඔහු මියගොස් තිබේ.

කොළඹ අධිකරණ වෛද්‍යවරයා විසින් අද දින එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇත.

එහිදී නිගමනය වී ඇත්තේ දරුණු වෛරසයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.

අද දවස තුළදී ඔහු පරීක්ෂා කළ හා ඔහු පිළිබඳ කටයුතුවලට සම්බන්ධ වූ සියලුම නිලධාරීන්, වෛද්‍යවරුන්ට ද විශේෂ ප්‍රතිකාර ද ලබාදී තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි