නවතම පුවත්

සහරාන්ගේ ලැප්ටොප් එක ඇමරිකානු FBI නිළධාරීන් අරන් ගිහින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මැදගොඩ අභයතිස්ස හිමියන් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කලේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ ඉතා ප්‍රභල සාක්ෂියක් ඇමරිකානු FBI නිළධාරීන් විසින් මෙරටින් රැගෙන ගොස් ඇති බවයි මේ සම්බන්ධයෙන් ඊයේ (30) පොලිස් මාධ්‍ය ප්‍රකාශ කලේ කිසිම සාක්ෂි FBI නිළධාරීන් රැගෙන ගොස් නැති බවයි
එහෙත්,

තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් විසින් සිය ත්‍රස්ත කටයුතු සදයා යොදාගත් ලැප්ටොප් පරිඝනකයේ හාඩ් ඩිස්ක් එක ඇමරිකානු FBI නිළධාරීන් විසින් රැගෙන ගොස් මාස 3 ගතවී ඇතත් තවමත් එය මෙරටට ලබාදී නොමැති බව පොලිස් අභ්‍යන්තර ආරංවිමාර්ග ඔස්සේ thecolomboexpress.com වෙත වාර්තා වෙනවා.

අඩුම තරමේ මෙම හාඩ් ඩිස්ක් එකේ ගබඩා කර ඇති සහරාන්ගේ කිසිම දත්තයන් මෙරටට ලබාදීමට FBI ආයතනය කටයුතු කර නොමැත.
එක මෙය සහරාන්ගේ පුද්ගලික ලැප්ටොප් පරිඝනකයේ හාඩ් ඩිස්ක් එක වන අතර, රාජය බුද්ධි සේවයේ නිළධාරීන් විසින් මෙය කල්මුණේ කලපුවට විසිකර තිබියදී පසුගිය මැයි 31 සහරාන්ගේ JMI අම්පාර නායකයා වන කල්මුණේ ෂියාම් අත්අඩංගුවට ගනීමෙන් පසු ප්‍රශ්න කිරිමේදී ලැප්ටොප් පරිඝනකය ගැන අනාවරණය විය.

පසුව එය මඩකලපුවේ කලපුවට විසිකර තිබියදී සොයාගෙන රාජ්‍ය බුද්ධි සේවයේ තාක්ෂණ විද්‍යාගාරයට යොමුකර ඇත. පසුඅ එහි පැමිණි FBI නිලධාරීන් විසින් තමන්ගේ ඇමරිකානු විද්‍යාගාරයේ නවීන තාක්ෂණය ඔස්සේ එම දත්ත ලබාගන්නා බව පවසමින් රැගෙන ගොස් ඇත.
මේවන විට හාඩ් ඩිස්ක් එක නොමැති සහරාන්ගේ එම ලැප්ටොප් පරිඝනකය අම්පාර පොලිසීය විසින් නඩු භාණ්ඩයක් ලෙස අම්පාර අධිකරණයට ඉදිරිපත් කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?