නවතම පුවත්

“සහරාන් අඩපණ කරන්න ප්‍රහාරයට පෙර දින ජනපතිගෙන් විශේෂ අවසරයක් ඉල්ලුවට අවස්ථාව දුන්නෙ නෑ”-කොමිසමේදී සාක්ෂියක්

අසංක

අසංක

පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දින සහරාන් හෂිම් අඩපණ කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් විශේෂ අනුමැතියක් ඉල්ලා දෙන ලෙස පොලිස් විශේෂ කාර්‍ය බළකා ප්‍රධානියෙක් ඉල්ලා සිටිය ද ඒ සඳහා අවස්ථාවක් නොලද බවට පාස්කු කොමිසමේ දී අනාවරණය විය.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකායේ වත්මන් අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතායි.

කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ අප්‍රේල් 09 වනදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමෙදි රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහරාන් හෂිම් පිළිබද දැඩි උනන්දුවකින් කතා කළ බවයි.

එහෙත්, ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි ලද බුද්ධි තොරතුරක් පිළිබද ඔහු සාකච්ඡා නොකළ බව ද හෙතෙම කීය.

යම් හෙයකින් එදින නිලන්ත ජයවර්ධන මහතා ප්‍රහාරය පිළිබද ඒ වන විටත් ඔහුට ලැබි තිබු බුද්ධි තොරතුර එදින සාකච්ඡාවට බදුන් කළේනම් එකාබද්ධ මෙහෙයුමක් මගින් මෙම ප්‍රහාරය වැලැක්වීමේ පැහැදිලි හැකියාවක් තිබු බව වරුණ ජයසුන්දර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?