නවතම පුවත්

සහරාන් බෝම්බ ඇද්ද කැබ් රථයක් හමුවෙයි

අසංක

අසංක

පුත්තලම වනාතවිල්ලුවේ පිහිටි සහරාන් හෂීම්ගේ පුහුණු කඳවුරේ පරිහරණයට යොදාතිබුණු බොලරෝ වර්ගයේ කැබ් රථයක් මාවනැල්ල ප්‍රදේශයේ තිබී අද දහවල් සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

එම කැබ් රථය සහරාන් විසින් රුපියල් ලක්ෂ 17කට මිලදීගෙන තිබු බව විමර්ශනවලදී හෙළිවී ඇත.

2019 වසරේදී පෙබරවාරි 19 වැනිදා වනාතවිල්ලුව කඳවුර රහස් පොලීසියට අනාවරණය වීමත් සමග මෙම කැබ් රථය සහරාන්ගේ මස්සිනා විසින් විකුණා දමා ඇති බව පැවැසේ.

කඳවුරට පුපුරණ ද්‍රව්‍ය හා ගිනිඅවි ප්‍රවාහනය කර ඇත්තේ ද මෙම කැබ් රථයෙන් බවට සැකකෙරේ.

මෙම කැබ් රථය ගැන තොරතුරු අනාවරණය වී ඇත්තේ වසරකට පසුවයි.

ලැක්ටොවත්ත නම් මෙම ස්ථානයේදී මීට පෙර මඩකලපුව වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කර පැහැරගත් ගිනි අවි පවා සඟවා තිබුණි.

සහරාන් විසින් අන්තවාදීන් හා අනුගාමිකයන් වෙත අවි පුහුණුව ලබාදී ඇත්තේ ද මෙම ස්ථානයේ ය. ඔවුන් වළදමා තිබූ ගිනිඅවි සොයාගන්නා ලද්දේ පාස්කු ප්‍රහාරයට පසුවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්