නවතම පුවත්

ස්විස් තානාපති සේවිකාව දැන් අලුත් කතාවක් කියයි

අසංක

අසංක

මතභේදාත්මක ස්විස් තානාපති කාර්‍යාල නිලධාරිනියගේ සිද්ධිය සම්බන්ධයෙන් තෙවැනි දිනටත් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබාදෙන අතරතුර එම කාන්තාව තමා පැහැරගත් ස්ථානය යළි වෙනස් කොට පවසා තිබේ.

ඇය දැන් පවසන්නෙ තමා පැහැරගෙන ප්‍රශ්න කරන ලද්දේ බම්බලපිටියේ තම දරුවන්ගේ ගුරුවරියගේ නිවසේ දී බවයි.

එහෙත් ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගුරුවරියගෙන් විමසා තිබූ අතර ඇය පවසා ඇත්තේ එලෙස කිසිවක් සිදු නොවූ බවයි.

මීට පෙර අදාළ නිලධාරීනිය වන ගාර්නියා බැනිස්ටර් නමැත්තිය පවසා තිබුණේ තමන් පැහැරගැනීමකට ලක්වූයේ කොළඹ 7 ශාන්ත බ්‍රිජට් විද්‍යාලය අසලදී බවයි.

ඇය ඊයෙ පෙරවරු 9.30 සිට රාත්‍රි 10.30 තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිමින් ප්‍රශ්න කිරීමට ලක්කෙරිණ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි