නවතම පුවත්

ස්විස් දේවගැති නිසා උතුරු පළාතට යළි ඇඳිරිනීතිය – කොරෝනා නෑ කියූ වෛද්‍ය වාර්තා බොරු

අසංක

අසංක

උතුරු පළාතම ආවරණය වන පරිදි ඇඳිරිනීතිය අඟහරුවාදා (24) උදෑසන 6 තෙක් දීර්ඝ කර තිබේ.

යාපනයේ සැරිසැරූ ස්විස්ටර්ලන්ත දේවගැතිවරයාට කොරෝනා වෛරසය වැළදී නැති බවට ඔහුගේ බිරිඳ විසින් මෙරටට එවූ වෛද්‍ය වාර්තාවලින් අනාවරණය නොවුවත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඒ පිළිබඳ කළ විමසීමේ දී අද සවස එරටින් දැනගැනීමට ලැබී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

දේවගැතිවරයාගේ බිරිඳ මේ රටට ඊයේ එවූ වෛද්‍ය වාර්තාවට අනුව ඔහුට තිබී ඇත්තේ වෙනත් රෝගී තත්ත්වයක් බව යාපනය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා සඳහන් කළේය.

එහෙත් ඒ පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යංශයට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සෙවීමට සිදුව ඇත්තේ ඉකුත් 15 වැනිදා දේවගැතිවරයා සමග එක්ව පෙර පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබූ කොන්ත්‍රාත්කරු කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් යාපනයේ රෝහලට ඇතුළත් කර සිටියදී කළ වෛද්‍ය පරීක්ෂණවලිනි.

අද පෙරවරුවේදී හෙළි වී ඇත්තේ කොන්ත්‍රාත්කරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඊයේ දිනයේ ලැබුණු දේවගැතිවරයාගේ වෛද්‍ය වාර්තා පදනම් කරගනිමින් ඔහු හා සමීපව ඇසුරු කළ පුද්ගලයන් ස්වයං නිරෝධායනයට යොමුකර තිබීමෙන් නිදහස් කළ ද සවස වාර්තා ලැබීමත් සමඟ සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ පොලිසිය එක්ව ආසාදිත පුද්ගලයන් හඳුනා ගැනීමට මෙහෙයුම් දියත් කළේය.

ස්විස් දේවගැතිවරයා පසුගිය 15 වැනිදා කටුනායක ගුවන්තොටුපලින් සිය රට බලා පිටත්ව ගොස් ඇති අතර ගුවන්තොටුපොලේ දී ඔහු කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනා නොගැනීම ද ගැටලු සහගත ය.

ස්විට්සර්ලන්තයේ සිට COVID19 ආසාදනය වී පැමිනි පූජකවරයා
ගමන්ගත් මාර්ගය මෙලෙස යැයි හඳුනාගෙන ඇත.

මාර්තු 10 උදේ 9.00ට කටුනායක ගුවන්තොටුපොල

එදිනම අනුරාධපුර මැන්ගෝ මැන්ගෝ හෝටලය

යාපනය, අරියාලෙයි පල්ලියේ එදින රාත්‍රී නවාතැන් ගෙන ඇත.

පල්ලිය අසල වාසය කරන ඔහුගේ සහෝදරයන් සහ නෑයන් හමුවීම.

මාර්තු 13 දින, ඔහු යාපනය HNB සහ සිග්නල් හන්දියේ කන්කසන්තුර පාරේ වෙළෙඳපොළට ගොස් ඇත.

මාර්තු 15 දින යාපනය philadelphia පල්ලියේ දේව යාඥාව

මාර්තු 15 යාපනයෙන් රාත්‍රී 10ට කුලී රථයකින් පිටවීම.

එන අතරතුර , රාත්‍රියේ රියදුරු මුරුකන්ඩි පන්සල අසල නවතා ගිමන් හැර ඇත.

මාර්තු 16 උදේ 5.30ට පමන ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

මොහු හමුවූ කෙනෙක් වේ නම්, වහාම සෞඛ්‍ය අංශ අමතන්න

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්