නවතම පුවත්

සැකකටයුතු යාත්‍රාවකට ‌වෙඩි තැබූ නාවික ‌හමුදාවේ 12ක් අත්අඩංගුවට

අසංක

අසංක

කෝකිලායි මුහුදු තීරයේදී පසුගිය මාසයේදී සැකකටයුතු යාත්‍රාවකට ‌‌වෙඩිතැබී‌මේ සිද්ධියකට අදාළව නාවික හමුදාවේ 12 ‌දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පසුගිය මාසයේ 28 වැනිදා සැකකටයුතු යාත්‍රාවකට නවත්වන ‌ලෙස නාවික හමුදා ‌කෝකිලායි මුහුදු තීරයේ මුර සංචාරයේ ‌යෙදුණු නාවික ‌සෙබළුන් සංඥා කර තිබේ. එහිදී එම යාත්‍රාව ‌නොනැවතී ගමන් ‌කොට ඇති අතර ‌මෙහිදී නාවික හමුදාව විසින් ඒම යාත්‍රාවට ‌ෙවෙඩි තබා ඇත.

පසුව ඒහි සිටි සැකකරුවන් තිදෙනකු නාවික හමුදා අත්අඩංගුවට ‌ගෙන කුච්චවේලී ‌පොලීසියට භාරදී තිබුණි. තවත් සැකකරුවකු ද ‌පොලීසියට භාරදී ඇත. ‌මෙම සැකකරුවන් සිව්දෙනා ත්‍රිකුණාමල වරාය ‌පොලීසියට භාරදෙන ලද අතර ඉන්පසුව සිව්දෙනාම ‌රෝහල්ගත කර ඇත.

මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් පවසා තිබුණේ යාත්‍රාවට නාවික හමුදාව විසින් ‌ෙවෙඩි තබා පසුව ඔවුන්ට පහර දුන් බවය. ඔවුන්ට තුවාල සිදුවුණේ ඒ් අනුව බවට ද පවසා තිබේ.

මෙම ප්‍රකාශය සැළකිල්ලට ‌ගෙන ඔවුන් නිරීක්ෂණය ‌කොට සැකකරුවන් ඇප මත මුදාහැරීමටත් නාවික හමුදා නිලධාරීන් ‌දෙදෙනකු හා ‌සෙබළු 10 ‌දෙනකු අත්අඩංගුවට ‌ගෙන අද දින ඔවුන් හදුනාගැනීමේ ‌පෙරට්ටුවක් සදහා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?