නවතම පුවත්

සැකකරුවන් බාරදෙන්න ගිය අසාත් සාලිගේ මවුලවි පාස්කු බෝම්බකරුවන් එක්කත් සම්බන්ධකම් පවත්වලා

අසංක

අසංක

මාවනැල්ල බුදුපිළිම කැඩූ සැකකරුවන් දෙදෙනා පොලීසියට බාරදීමට හිටපු ආණ්ඩුකාර අසාත් සාලි සම්බන්ධම් පැවැත්වූ මවුලවිවරයා පාස්කු දින මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකු සමග සම්බන්ධකම් පවත්වා ඇතැයි හෙළිව තිබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ මෙම කරුණු හෙළිදරව් වනතුරුම මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනත් කිසිදු විමර්ශන කණ්ඩායමක් මෙයට පෙර ඒ ගැන හෙළිකරගෙන නොතිබුණි.

2019 මාර්තු 26 වැනිදා තාසිම් නමැති එම මවුලවිවරයා ෂැංග්‍රිලාහිදී බෝම්බයක් පුපුරුවාගත් ඊබ්‍රහිම් නමැති සැකකරු සමග තත්ත්පර 93ක ඇමතුමක් ලබාගෙන ඇති බව ද අනාවරණය වේ.

එම දුරකතන ඇමතුම ලබාගත්තේ පාස්කු ප්‍රහාරය ගැන කල්තියා යම් ඉගියක් ලැබී එය වළක්වා ගැනීමේ අරමුණින් බව සදහන් කළහොත් එය පිළිගන්නේදැයි එම කොමිසම සාක්ෂි විමසන අවස්ථාවේදී තාසිම් මවුලවිගෙන් විමසා සිටියේ ය. ඊට ඔහු නැත යයි පිළිතුරු දෙමින් ඔහු සමග කිසිදු සම්බන්ධයක් තමාට නැති බවත් ඔහු හදුනන්නේ නැතැයි ද කීය.

නමුත් තමා ඔහුගේ පියා වන ප්‍රකෝටිපති කුළුබඩු ව්‍යාපාරිකයකු වන ඊබ්‍රහිම් හාජ්ජියාර් දැන හදුනන බවත් ඔහුව සම්බන්ධ කරගැනීම සදහා පුතාගේ දුරකතනය ඇමතුමක් ගන්නට ඇතැයි ඔහු සදහන් කළේය.

පියාගේ දුරකතනය තමා සතුව තිබියදී පුතාට කතාකළේ මන්දැයි විමසූ විට ඔහුට නිසි පිළිතුරක් නොවීය.

දෙහිවල ට්‍රොපිකල් ඉන් හිදී පුපුරුවා ගත් බෝම්බකරු ද තාසිම් මවුලවිගේ ඥාතියෙක් බව අනාවරණය විය. දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සදහන් කරන්නට වූයේ එම ඥාතියා සමග ද තමාගේ සම්බන්ධයක් නැතැයි කියාය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි