නවතම පුවත්

සිංගප්පූරු රජය අර්ජුන් පිටමං කරන ලිපි තොගය අධ්‍යයනය අරඹයි

අසංක

අසංක

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා මෙරට රජය මඟින් යැවූ ලිපි ලේඛන සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයනය කරමින් සිටින බව අද වාර්තා විය.

නීතිපතිවරයා මෙම කරුණු අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දුනි.

එම ගොනුවේ ලේඛන රැසක් පවතින හෙයින් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී සිටියේය.

දැනට අධිකරණය මගහැර විදේශගතව සිටින අර්ජුන් මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඊට අදාළ ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු රජය වෙත මෙලෙස යොමු කරන ලදී.

ඉන් අනතුරුව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කිරීම සඳහා සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීවේය.

ඒ අනුව නඩුව නැවත මාර්තු මස 31 වනදා කැදවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී