නවතම පුවත්

සිංගර්-ඩෙල් ගිවිසුම්ගත වෙයි

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ ප‍්‍රමුඛයා – සිංගර් ආයතනය, ඩෙල් ටෙක්නොලොජීස්හි නවතම වෙළඳ භාණ්ඩ බෙදාහරින්නා ලෙසින් ගිවිසුම්ගත වී ඇත. මීට අමතරව ඩෙල් ටෙක්නොලොජීස්හි පාරිභෝගික භාණ්ඩ බෙදාහරින්නා වශයෙන්ද සිංගර් ආයතනය කටයුතු කරන අතර මෙම නව සහයෝගීතාවය ඔස්සේ ඩෙල් ටෙක්නොලොජීස් ආයතනයේ වෙළඳ භාණ්ඩ දීපව්‍යාප්තව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට මෙන්ම පාරිභොගිකයන්ටද බෙදාහැරීමේ හැකියාව සිංගර් ආයතනයට හිමි වනු ඇත.

පසුගිය වසර ගණනාව තුළ සිංගර් ආයතනය වඩා උසස් ගණයේ පරිගණක, ටැබ් සහ ජංගම දුරකථන මෙරට පාරිභොගිකයන්ට අලෙවි කිරීමෙහිලා ප‍්‍රමුඛස්ථානයක් දිනා ගත්තේය. වඩා උසස් සේවාවක් සැපයීමේදි සිංගර් ආයතනය සතු හැකියාව වටහා ගනිමින් ඩෙල් ටෙක්නොලොජිස් ආයතනය 2014 වසරේදී සිංගර් ආයතනය සමග අත්වැල් බැඳ ගත්තේය. එතැන් සිට එම සහයෝගිතාවය වඩා විශිෂ්ට අයුරින් වර්ධනය විය. සිංගර් ආයතනය සතු එම සේවා විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරමින් ඩෙල් ටෙක්නොලොජීස් ආයතනය විසින් සංවිධානය කරන ලද ඩෙල් ටෙක්නොලොජිස් සම්මාන උළෙලේදී (Dell Technologies Partner Awards) වසරේ විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ බෙදාහරින්නා ලෙසින් 2018 සහ 2019 යන වර්ෂවලදි සම්මානයටද පාත‍්‍ර විය.

PC, Server, Networking, Storage, Software, Displays ඇතුළු තාක්ෂණික වශයෙන් ඉහළ ගණයේ උපාංග රැසක් ලොවට තිළිණ කළ ඩෙල් ටෙක්නොලොජීස් සහ සිංගර් ආයතනයේ මෙම නව සහයෝගීතාවය ඔස්සේ Vostro ගණයේ නෝට් බුක් සහ ඩෙස්ක්ටොප්, Latitude ගණයේ නෝට් බුක් OptiPlex, Precision වර්ක්ස්ටේෂන් ඇතුළු මොනිටර්, ප්‍රොජෙක්ටර් ඩොක්, ස්මාර්ට් ක්ලාස්රූම් වැනි නවතම මාදිලියේ උසස් තාක්ෂණික උපාංග මෙරට තුළ බෙදාහැරීමේ අවස්ථාව සිංගර් ආයතනයට හිමි වනු ඇත. මෙම සහයෝගීතාවය තුළින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට විශාල ප‍්‍රතිලාභ රැසක් ලබා ගැනිමේ හැකියාවද උදා වී ඇත.

සිංගර් සහ ඩෙල් ටෙක්නොලොජීස්හි මෙම නව සහයෝගීතාවය පිළිබදව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කළේ පාරිභෝගික සහ වෙළඳ භාණ්ඩ බෙදාහරින්නා වශයෙන් ඩෙල් ටෙක්නොලොජීස් සමග අත්වැල් බැඳ ගැනීම ගෞරවයක් බවත් එය නව ගමනකට මුලපිරිමක් සහ නව පරිවර්තනයක් මෙරටට උදා කරන බවත්ය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි