නවතම පුවත්

සිඟිති පාතාල වීඩියෝවලට වනවාසි රාහුල හිමිගෙන් දැඩි ප්‍රහාරයක්

ධර්ම ශ්‍රී තිලකවර්ධන

ධර්ම ශ්‍රී තිලකවර්ධන

සිගිති පාතාලය යැයි හදුන්වා දෙමින් කුඩා දරුවන් යොදා ගනිමින් පටිගත කළ වීඩියෝ මුහුණු පොතේ සංසරණය වීම ගැන වහාම පරික්ෂණයක් කර ඒවාට දරුවන් යොමුකළ වැඩිහිටියන්ට එරෙහිව ද වහාම පියවර ගන්නැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ ජනාධිපති,පොලිස්පති හා ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලිමක් කරති.
පාතාලය මෙන් හැසිරෙන ලෙසත් , ඒ අනුව තර්ජන ආදිය කරන ලෙසත් මෙම දරුවන්ට වැඩිහිටියන් විසින් උගන්වා ඇති බව එම වීඩියෝ නැරඹුවිට පැහැදිලිවම පෙනි යන්නේ යැයිද රාහුල හිමියෝ කියති.
මෙය රැල්ලක් ලෙස දැන් මුහුණු පොතේ ඇතිබවත් මේ තත්වය ඉතාම භායනක ලෙස වර්ධනයවිමටද ඉඩ ඇති බවත් රාහුල හිමියෝ පැවසුහ.
දරුවන් පිළිබඳව සොයා බැලිමට ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන තිබුණත් ප්‍රසිද්ධියේ සංසරණය වන මෙම ව්ඩියෝ පට ගැන පියවර ගැනිමට එම ආයතන නිහඬ මන්දැයි සිතාගත නොහැකි යැයිද වනවාසි රාහුල හිමියෝ කියති.
දරුවන්ගේ අනාගතයට මෙය සෘජු ලෙසම අහිතකරව බලපෑමට ඉඩ ඇතැයි පෙන්වා දෙන වනවාසි රාහුල හිමියෝ වහාම මේ සම්බන්ධයෙන් පියවර ගෙන වගකිව යුත්තන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිති.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි