නවතම පුවත්

සූදුපොළක් වැටලූ පොලිස් නිලධාරීන් 8කගේ වැඩ තහනම්

අසංක

අසංක

වෙන්නප්පුව හෝටලයක පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමේ සිද්ධියකට අදාළව හලාවත මූලස්ථාන පොලීසියේ සේවය කරන කොට්ඨාස දූෂණ මර්දන අංශයේ කටයුතු කළ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 8 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත වෙන්නප්පුව හෝටලයක් තුළ පවත්වාගෙන ගිය සූදුපොළක් පසුගියදා වැටලූ මෙම නිලධාරීන් එහිදී සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි 20කට වැඩි සංඛ්‍යාවක් සිටියදීය.

ඉතිරි සැකකරුවන් මුදාහැරීම, සූදුපොළේ තිබූ මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබූ මුදල් අයථා ලෙස ලබාගෙන දූෂිත ක්‍රියාවක් කළ බවට ලද තොරතුරු මත මෙම වැඩ තහනම ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව හලාවත පොලීසියට අනුයුක්තව සේවය කළ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂකවරයකු, පොලිස් සැරයන්වරයකු, පොලිස් කොස්තාපල්වරුන් 5 දෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරකු ඇතුළු 8 දෙනෙකුගේ වැඩ තහනමට ලක්කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්