අර්බුද සහ උත්තර

රට තුළ අරගල, අර්බුද, හිඟයන් ජනතාව අතර උණුසුම් තත්ත්වයන් ඇතිකිරීම හමුවේ හදිසි නීතිය, ඇඳිරි නීතිය පැනවෙන ඉවත්වන මෙම කාලවකවානුව තුළ මහජන සාමය ආරක්ෂා කරනු වස් පොලීසිය මෙන්ම ත්‍රිවිධ හමුදාව ද සීරුවෙන් තබා තිබේ. ඡායාරූපයෙන් පෙනෙන්නේ කොළඹ නගරය ආශ්‍රිතව සන්නද්ධ හමුදා යුධ ටැංකි ක්ෂණික මාර්ග බාධක යොදමින් යන අතරතුර ගෑස් සහ තෙල් පෝලිම් දෙකක් අතරින් ගමන්…

සම්බුදු තෙමඟුල අදයි

සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද (15)ට යෙදී ඇත. පොහොය ලැබීම අද (15) දහවල් 12.46 ට සිදුවන අතර පොහොය ගෙවෙන්නේ හෙට (16) උදෑසන 9.43 ටය. රට තුළ ආර්ථික අර්බුදයක් ඇතත්, තමන්ට හැකි අයුරින් සම්බුදු තෙමඟුල සැමරීමට බොදු ජනතාව සූදානම් වෙති. පසුගිය දෙවසරෙහි…

වෙසක් පෝදා රන්ජන්ට නිදහස දෙන්න – කලාකරුවෝ ඉල්ලති

බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවීන රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා අදට යෙදෙන වෙසක් පුන් පොහොය දිනයේදී ජනාධිපති සමාව ලබාදී නිදහස් කරන ලෙස ඉල්ලා කලාකරුවන් පිරිසක් ඊයේ වැලිකඩ බන්ධනාගාරය අසල විරෝධතාවක නිරත විය. ජනාධිපති සමාව ලැබ සිරකරුවන් 200කට අධික පිරිසක් අද දිනයේදී නිදහස ලැබීමට නියමිතය.

දිස්ත්‍රික් 6කට නායයාම් අනතුරු ඇඟවීමකුත් නිකු‍ත් වෙයි

ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි රත්නපුරය, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය, මාතර දිස්ත්‍රික්වල නායයෑම් අවදානම් ප්‍රදේශ පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතරු අගවා තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට ඉවත් වීමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, කිරිඇල්ල, ඉඹුල්පේ, බලංගොඩ, සහ ගොඩකවෙල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින…

ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩගන්න උදව් වෙනවා – ඉන්දියාව රනිල්ට පොරොන්දුවේ !

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තවදුරටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සූදානම් බව ඉන්දියාව අවධාරණය කර සිටී . නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති විශේෂ හමුවකදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කර ඇත . නව අගමැතිවරයා සමග පැවති සාකච්ජාවේදී මෙරට ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් , ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ඔස්සේ ,තවදුරටත් එක්ව කටයුතු…

මහ බැංකු අධිපති , ඇමෙරිකානු තානාපතිනිය හමුවේ .

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා හා මෙරට ඇමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර විශේෂ හමුවක් අද දින එම තානාපති කාර්යාලයේදී පැවැත්වින . ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට ගතහැකි දේශීය සහ බහුපාර්ශ්වික ප්‍රයත්නයන් සම්භන්ධව එක්සත් ජනපදයට සහාය විය හැකි ක්‍රම පිළිබඳව මෙහිදී සාකච්ජාවට ලක්වූ බව ඇමෙරිකානු තානාපතිනිය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත…

මැති ඇමතිවරු 53කගේ නිවාස ගිනිබත් !

ගාලු මුවදොර පිටියේ පිහිටි ‘ගෝඨා ගෝ ගම’ හා අරලියගහ මන්දිරය ඉදිරිපිට පිහිටි ‘මයිනා ගෝ ගම’ සාමකාමී විරෝධතා භූමි වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන සහයට මැර කණ්ඩායම් විසින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු කුපිත වූ ජනතාව මැති ඇමතිවරුන් 53 කගේ පමණ නිවෙස් හා දේපලවලට පහර දී ගිනිතබා විනාශ කර ඇත. හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්‍ෂ,…

මැති ඇමතිවරුන් රැසකගේ නිවාස ගිනිබත් කරයි !

රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරු ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත, හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග,ගාමිණි ලොකුගේ , නිමල් ලාන්සා , අරුන්දික ප්‍රනාන්දු ගම්පහ නගරාධිපති එරංග සේනානායක…

ගෝටා ගෝ ගමට ප්‍රහාරයක් ! (වීඩියෝ සහිතයි)

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් විසින් මේ වන විට ගෝල්ෆේස් විරෝධතා භූමියේ ගෝටා ගෝ ගමට ප්‍රහරයක් එල්ල කරමින් සිටිනවා. හදිසි නීතිය ක්‍රියාත්මක මොහොතක පවා මෙවැනි තත්ත්වයක් මතු වීම ගැන මහජන විරෝධය මතුවෙමින් තිබෙන අතර ගෝටා ගෝ ගම දේපලවලට ගිනි තබමින් විනාශ කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

රට පුරා “හර්තාල්”

ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමින් අද (06) දිවයින පුරා හර්තාල් ව්‍යාපරයක් පැවැත්වේ. රාජ්‍ය ,අර්ධ රාජ්‍ය , පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති දහසකට අධික සංඛ්‍යාවක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම හර්තාලය නම් කර ඇත්තේ ජන මතයට හිස නමනු ආණ්ඩුව ගෙදර යනුවෙනි. මේ හේතුවෙන් අධ්‍යාපන, ප්‍රවාහන, වතු, රාජ්‍ය අංශයේ මෙන්ම සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක කටයුතුවලට බලපෑම් එල්ල වි තිබේ.…

දියවන්නාවේ බාධක බිඳිමින්..

රටේ මතුවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව අද පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පාර්ලිමේන්තු පිවිසුමේ සිදුකරන ලද විරෝධතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ යොදා තිබූ පොලිස් මාර්ග බාධක පෙරලීමට විරෝධතාකරුවන් විසින් කටයුතු කළ අතර අනතුරුව පොලීසිය මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත. ඡායාරූප – තිළිණ කළුතොටගේ

කොළඹ මහ නගර සභාවේ මහා පරිමාණ වංචාවක් , විගණන වාර්තාවෙන් හෙළිවේ !

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් , ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන යාමට හා වාහන නවතා තැබීම සඳහා යැයි පවසමින් , කොළඹ මහනගර සභාවට අයත් ඉඩම් රාශියක් නොමිලයේ ලබාගෙන , ඒවා පිටස්තර පුද්ගලයින්ට හා ආයතනවලට බදුදී මාසිකව ලක්‍ෂ ගණනින් මුදල් උපයන බවට තොරතුරු අනාවරණයවී ඇත . ජාතික විගණන කාර්යාලය , සිදුකරන ලද වෝහාරික විගණනයකින් , මෙම මහාපරිමාණ වංචාව…