නවතම පුවත්

සොෆා ; රෙද්ද අස්සේ නයි දා ගැනීම

අසංක

අසංක

ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යෝජිත සෝෆා ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට විශේෂ ආරක්ෂාවක් ලැබෙන බවක හැඟවෙන කෙටි සටහනක්, මෙරට ඇමෙරිකානු තානාපතිනිය තම මුහුණු පොතේ පසුගියදා සඳහන් කර තිබිණ.

හදිසි අවස්තාවකදී මෙරටට සහය වීමේ හා අරාක්ෂාව ලබාදීමේ හැකියාව මේ හරහා ඇමෙරිකානු හමුදාවට ලැබෙන බවක්ද ඇය එහිදී සඳහන් කර තිබිණ.

මෙම සටහන පිළිබඳව මේ වනවිට සමාජය තුල යම් කතා බහක් මතුව ඇත.

ඇමෙරිකානු තානාපතිනියගේ මෙම සටහනින බැලු බැල්මටම හැගී යන්නේ , තමන්ගේ ආරක්ෂාව තමන්ට සපයා ගත නොහැකි මට්ටමකටම ශ්‍රී ලංකාව අදවටී ඇති බවකි.

නමුත් ඇත්තෙන්ම අපගේ ආරක්ෂක අංශ එතරම්ම දුර්වලද ? ඇත්තෙන්ම ඇමෙරිකානු හමුදා ආරක්ෂාව මේ මොහොතේ ලංකාවට අවශ්‍ය ද?” සෝෆා ගිවිසුමෙන් අපට ලැබෙන වාසිය කුමක්ද ?

ඒ අප කාගේත් සිත් තුල පනනගින ගැටළු කිහිපයකි.

මෙම ගැටලුවලට විසදුම් ලබාගැනීමට නම් සෝෆා ගිවිසුම පිළිබඳව හොඳින් නිරීක්ෂණය කර බැලිය යුතුමය .

මෙම සම්මුතිය අනුව තම හමුදා දීර්ඝකාලීනව ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීමට ඇමෙරිකාවට හැකියාවක් ලැබේ එය ඉතා පැහැදිලිව ගිවිසුමේ සඳහන්ව ඇත. මෙලෙස ශ්‍රී ලංකාව තුල හමුදා රැඳවීමට, ඇමෙරිකාවට ඇති අවශ්‍යතාව කුමක්ද යන්න ඒ අනුව අප සොයා බැලිය යුතුය

ශ්‍රී ලංකාව ගැන ඇමෙරිකාව විශේෂ අවධානයක් යොමු කරනුයේ , භූදේශපාලනික (Geopolitical) වශයෙන් ශ්‍රී ලංකාවේ ඇති වැදගත්කම නිසා බව දේශපාලනික විශ්ලේෂකයින්ගේ මතයයි.

ඇමරිකාවේ අනාගතය ඇත්තේ ඉන්දියන් සාගරය තුල බව ඇමෙරිකානු ආර්ථික විශේෂඥයින් පවා ප්‍රසිද්ධියේ අවස්ථා කිහිපයකදීම පවසා ඇත. මෙම ඉන්දීය සාගරය හරහා වැටී ඇති උපක්‍රමික වශයෙන් සහ ජාත්‍යන්තර වෙළෙඳාම කටයුතු අතින් වැදගත් වන නාවික ගමන් මාර්ග රැසක්ම ලංකාවට ආසන්නව පිහිටා ඇත.. එම නාවික ගමන් මාර්ග චීනය, මැද පෙරදිග, අප්‍රිකානු සහ යුරෝපීය රටවල් සමග එකිනෙකට සම්බන්ධ කෙරේ. එවැනි අතිශය වැදගත් කමක් ඇති භූමියක තම හමුදාවන් රඳවා තැබීම හරහා ඇමෙරිකාවට අත්වන වාසිය කෙබඳුවේදැයි සිතා ගන්නට “පොඩි දරුවකුට ” වුවද හැකිවනු ඇත.

වර්තමානයේ ඉන්දියන් සාගරයේ පවතින බල අරගලය හේතුවෙන් චීනය සහ ඉන්දියාවද ශ්‍රී ලංකාව දෙස බලා සිටින බව අප අමතක නොකළ යුතුය .
ඒ අනුව මෙම ගිවිසුම හරහා ඇමෙරිකාව, දකුණු ආසියාව තුළ තමාට හිතවත් පාර්ශවකරුවෙක් නිර්මාණය කර ගැනීමට ප්‍රයත්න දරනවා විය හැක.අප මෙම කරුණු පිලිබඳව අවධානයෙන් පසුවිය යුත්තේ එම නිසාවෙනි.

මෙම ගිවිසුමට අනුව කටයුතු කළහොත් ශ්‍රී ලංකාව ඇමෙරිකාවේ යුද පාර්ශවකරුවෙක් වීමටත් ඉන්දියන් සාගරයේ ඔවුන්ට පහසුකම් සපයන්නෙකු වීමටත් සිදුවේ . එසේ ඇමෙරිකාවේ පාර්ශ්‍ශව කරුවෙකු වුවහොත් ඒ හරහා ලංකාවේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියේ දිශානතිය අභියෝගයට ලක්වනු ඇත. එය මෙරටට පැති කිහිපයකින්ම ඉතාමත් අහිතකර ලෙස බලපාන කරුණක් විය හැක.

????????????????????????????????????

ඒ අනුව ඇමෙරිකාව සමග මෙවැනි සමීප ගණුදෙනුවකට යාමේදී අප දෙවරක් සිතා බැලිය යුතුය . මේ වන විට ඉන්දියන් සාගර කලාපය තුළ බල අරගලයක් පවතී . චීනය මේ කලාපයේ විශාලම ආයෝජකයාය . එසේම ඉන්දියාව අපේ අසල්වසියාය . මේ සියලු කරුණු අපට වැදගත්ය . නමුත් ඒවා ඇමෙරිකාවට වැදගත් නැත . ඔවුන්ට වැදගත් වන්නේ ඔවුන්ගේ බල ව්‍යාප්තියයි . ආධිපත්යයි . අප මෙහිදී හැකිතාක අපගේ ස්වාධීනත්වය රක ගත යුතුය .

ශ්‍රී ලංකාවට චීනය සහ ඉන්දියාව සමඟ සෘජු යුදමය සම්බන්ධතා නැත මෙතෙක් එවැන්නක් සඳහා දෙරටින්ම කිසිදු බලපෑමක් අවේද නැත . තත්වය එසේ තිබියදී අප ඇමෙරිකාව සමග යුධමය සබඳතාවන ඇති කරගැනීම , ගැටළු රැසක ආරම්භයක් වනු ඇත .එසේම එය මෙරට භෞමික අඛණ්ඩතාවයට සහ නීතියට සහ රාජ්‍යයේ ස්වාධිපත්‍යට විශාල තර්ජනයක් දක්වා වර්ධනය විය හැක ..

එසේම මෙම ගිවිසුමේ ඇති තවත් බරපතලම කරුණක් .වන්නේ ඒ හරහා ඇමෙරිකානු පුරවැසියන් වෙත ලැබෙන ඉමහත් වූ වරප්‍රසාද ගොන්නයි. .”

තෝරා ගත් ඇමෙරිකානු වැසියන් හට මෙම ගිවිසුම හරහා තානාපති සේවයේ යෙදෙන නිලධාරීන්ට ලැබෙන රැකවරණය සමාන රැකවරණයක් ශ්‍රී ලංකාව තුලදී ලැබේ.. මේරට අපරාධ නීති, බදු නීති හෝ රේගු නීති කිසිවක් ඒ අනුව ඔවුන්ට බල නොපානු ඇත.

සරලවම පැවසුවහොත් මෙම , ගිවිසුම යටතේ ආවරණය වන ඇමෙරිකා පුරවැසියෙකු, ශ්‍රී ලංකාව තුළදී කුමන අකාරයේ අපරාධයක් සිදු කළද ඔහුට හෝ ඇයට එරෙහිව ශ්‍රී ලංකා නීතිය යටතේ කටයුතු කළ නොහැක.

. .බලවත් රටක් සමග ගිවිසුම් ඇති කරගන්නා ඕනෑම අවස්තාවක, අප වැනි කුඩා රටකට යම් අසාධාරනකම් වලට මුහුණ දීමට සිදුවේ. එය සාමාන්‍ය තත්වයකි, නමුත් එහිදී කුඩා රටටත් කිසියම්ම හෝ වාසියක් තිබිය යුතුමය. එසේම එවන් ගිව්සුමක් හරහා අත්විඳීමට සිදුවන අවාසියේ, අසාධාරණයේ විශාලත්වයද සංසන්දනය කර බැලිය යුතුමය

එසේ විමසා, සංසන්දනය කර බලන විට සෝෆා ගිවිසුමෙන් අපට ලැබෙන “අවාසි”, ඉතා විශාලය. එය අපට ලැබෙන “වාසි” සමග කිසිසේත්ම නොපාහේ. එම කරුණු සියල හරහා තහවුරු වන්නේ සෝෆා ගිවිසුමේ ඇති බරපතල අසමතුලිත තාවයයි. මෙම තත්වය මත අපට ඉතිරිව ඇත්තේ විකල්ප දෙකකි. සෝෆා අත්සන් කරන්නේනම්, එහි ඇති මෙම බරපතල අසමතුලිත බව නිවැරදි කර, දෙපාර්ශ්වයටම කිසියම් හෝ වාසි අත්වන ආකාරයට සංශෝධනය කල යුතුය. එසේ නොමැතිනම්, සියතින්ම ගෙල වැලලා ගත යුතුය.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී