නවතම පුවත්

සෞඛ්‍ය ලේකම්ධූරයට පත් කවුද මේ මේජර් ජෙනරාල් ?

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශ ලේකම්ධූරයට අලුතින් පත්කර ඇත්තේ ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ බලකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් එස්.එචි මූණසිංහ ආර්ඩබ්පී,ආර්එස්පී යූඑස්පී ‍මහතාය.

යුද හමුදා සේවයේ යෙදී සිටියදී රාජ්‍ය පරිපාලන කේෂ්ත්‍රයේ වගකිවයුතු නිලයක් ලෙස සැලකෙන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ධූරයට පත්වීම හේතුවෙන් මෙම පත්කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ.

1960 ජනවාරි 29 වන දින උපත ලැබු ඒ මහතා කළුතර ඥානෝදය විද්‍යාලයෙන් සහ කළුතර තිස්ස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව 1986 දී එම්.බී.බී.එස් උපාධිය සම්පූර්ණ කර ඇත.

වෛද්‍ය උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසු 1986දි ශ්‍රි ලංකා යුධ හමුදාවට එක්ව ඇති ඒ මහතා ,මුලික යුද්ධ පුහුණුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයෙන් හදාරා කපිතන් වරයෙක් ලෙස ශ්‍රි ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට අනුයුක්ත වී තිබේ.

ඔහු යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය ඇගයීමට රණ වික්‍රම පදක්කම, රණශුර පදක්කම, උත්තම සේවා පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර පදක්කම, වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රි ලංකා යුද්ධ හමුදා 50 වන සංවත්සරය සහ ශ්‍රි ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම යන පදක්කම් වලින් පිදුම් ලබා ඇත.

මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ විකිරණ රශ්මී විශේෂඥ වෛද්‍යවරයෙක් වන අතර, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ වෛද්‍ය බලකා බලකාධිපති ලෙස ද රාජකාරී ඉටු කොට අත්දැකීම් ලබා තිබේ. ඔහු නොකලැල් වසර 32ක හමුදා සේවය තුළ දැරූ ප්‍රධාන පත්වීම් අණදෙන නිළධාරී යුද හමුදා රෝහල කොළඹ, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ,යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
බලකාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, කැපී පෙනේ.
මේජර් ජෙනරාල් එස්එච් මුණසිංහ, බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඩීටීඑන් මුණසිංහ යුඑස්පී සමග විවාහ වී සිටින අතර ඔවුන්ට එක් පුතෙකු සිටී.

2006-2009 හමුදා මානුෂීය මෙහෙයුම සමයේදී හෙතම විශිෂ්ට සේවාවක් ඉටු කළ අතර, දීර්ඝ කාලයක් ශ්‍රි ලංකා යුද හමුදාවේ යුද්ධ හමුදාපතිවරුන්ගේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළේද මේජර් ජෙනරාල් එස්.එච් මුණසිංහය.

හෙතම මෙම නව තනතුරේ වැඩ භාර ගැනීම සමග සොඛ්‍ය අමාත්‍යංශ ලේකම්ධූරයට පත් පළමු මේජර් ජෙනරාල්වරයා ලෙස ඉතිහාස ගතවනු ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී