නවතම පුවත්

සෞදියේ 73000ක් පෞද්ගලික අංශයේ රැකියා අත්හරිති

අසංක

අසංක

සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ සේවය කරන 73000ක් දෙනා පසුගිය වසරේදී රැකියා අතහැර ගොස් ඇති බව එරට වාර්තා පවසයි.

සෞදි අරාබියේ ජාතික සමාජ රක්ෂණය සඳහා වන පොදු සංවිධානය විසින් මේ බව දත්ත වාර්තාවක් ඔස්සේ හෙළිකර තිබේ.

ඒ අතුරින් පෞද්ගලික අංශයේ කම්කරු සේවයේ නිරත 44000ක් දෙනා මෙලෙස රැකියා හැරගොස් ඇත.

මෙම තත්ත්වයට හේතුවක් ලෙස පෙනීගොස් ඇත්තේ එරට රැකියා විරහිත පුරවැසියන්ට 2015 සිට ක්‍රියාත්මක කෙරෙන ජාතික හදිසි ප්‍රතිචාර ස්වේච්ඡා වැඩසටහන හෙවත් සනිඩ් වැඩසටහන ය.

එමගින් රැකියා විරහිත සෞදි පුරවැසියන්ට රැකියාවක් ලබාගන්නා තෙක් වන්දි මුදලක් ලෙස වැටුපක් ගෙවනු ලබයි.

ඒ කොන්දේසි කිහිපයකට යටත්වය.

එරට වැසියන් වැඩි වශයෙන් පෞද්ගලික අංශයේ රැකියා සඳහා යොමු කිරීම මෙහි අරමුණයි.

කෙසේවෙතත් 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී සෞදි අරාබියේ සනිඩ් විසින් වන්දි වැටුප් ලබන පුද්ගලයන්ගේ සංඛ්‍යාව 31%කින් ඉහළ ගොස් ඇත.

සනීඩ් වැඩසටහනෙන් මෙම ආධාර වැටුප් ලැබිය යුතු පුද්ගලයන් අමතර පෞද්ගලික ආදායමක් නොමැති සෞදි ජාතිකයන් විය යුතුය. අවුරුදු 60 හෝ ඊට වැඩි නොවිය යුතුය. වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය, රැකියා සොයමින් සිටිය යුතුය. සදාචාර විරෝධී හැසිරීම නිසා සේවයෙන් පහ නොකළ යුතු අතර තමන්ගේ නිදහස් කැමැත්තෙන් රැකියා අතහැර නොගිය අය විය යුතුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්