නවතම පුවත්

හඬපටියක් නිසා යුක්‍රේන අගමැති ඉල්ලා අස්වෙයි

අසංක

අසංක

යුක්‍රේන ජනාධිපතිවරයා විවේචනය කරමින් තමා සිදුකල ප්‍රකාශයක් ඇතුලත් හඬ පටයක් ප්‍රසිද්ධියට පත් වීම හේතුවෙන් , එරට අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චරුක් මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

මේවනවිටත් තම ඉල්ලා අස්වීමේ ලිපිය හොන්චරුක් මහතා විසින් ජාන්ධිපතිවරයා වෙත යොමු කර ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර සිටී.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිවක් නොදන්නා බව පවසමින් යුක්‍රේන අගමැතිවරයා විසින් සිය ජනාධිපතිවරයා විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයක් ඇතුලත් හඬ පටයක් කරලියට පැමිණීමත් මෙම තත්වය උද්ගතව ඇති බවටද තොරතුරු වාර්තාවේ.

යුක්‍රේන අග්‍රාමාත්‍ය වරයා තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවට පවසමින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් ද තබා ඇත.

“කෙසේ වෙතත්, ජනාධිපතිවරයා කෙරෙහි අපගේ ගෞරවය හා විශ්වාසය පිළිබඳ කිසියම් සැකයක් දුරු කිරීම සඳහා මම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබුවා” යැයි යුක්‍රේන අගමැතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

තමන් සිදුකළ ප්‍රකාශයක් සැලසුම් සහගතව සංස්කරණය කොට මුදාහැර ඇති බවත් එය කිසියම් පිරිසක් විසින් සිදුකළ ක්‍රියාවක් බවයි මෙහිදී යුක්‍රේන අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?