නවතම පුවත්

හදන්නටද කඩන්නටද හැකි පුණ්‍යභූමියේ නීතිය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අග නගරයේ වූ විසල් වටරවුම මත සිටගෙන සිටින ඇයගේ සුරතේ දෙපස කැපෙන අසිපතකි, වමතේ කැඩී ගිය තරාදියකි, දෑස් ද ගැටගසා තිබේ. එසේ දෑස් ගැට ගැසූ රෙදි කඩ තැනින් තැන ඉරී ඇත, ඉන් ඇයට ලෝකය පෙනෙනවාද, ඉන් ඇය ලොව බලනවාද යන්න හොදින්ම දන්නේ ඇයම පමණි. එසේම ඉරී අණ්ඩ දමා ඇගටම ඇලී ගිය නොසේදූ ගවුමේ මුඩු ගද ඇගේ මුහුනේ වූ ගාම්භීරත්වය මදකට දුරු කරවයි. විටෙක පොල්ගෙඩියක් සොරාගෙන යන සියාතු ගොයියා වෙත සිය කඩුව අමෝරාගෙන පනින ඇය, තවත් විටෙක සුව පහසුව සල්ලි මලු ගණන් මහා භාණ්ඩාගාරයෙන් සොරාගත් සුදු රෙදි හොරුන් ඇය අසලින් ගමන් කරන විට බයාදුව දෙකට නැවී “ආ..සර් කොහොමදැයි” ඇසීමට ඇය නොපමා වන්නීය. එකී පින් බිමේ ගෙවී ගිය දශක හතක් වූ කාල වකවානුව තුල පැවති මජර දේශපාලන ව්‍යුහය මගින් නීතියේ දෙවගන වෙත අත් කර දී ඇති ඉරණම මෙතරම් කණගාටුදායක වනු ඇතැයි කිසිවෙකුත් කිසිවිටෙක නොසිතන්නට ඇත.

එහි ප්‍රතිථලයක් ලෙස නීතියේ පරමාධිපථ්‍ය බලය මේ පින් බිම තුල ක්‍රියාත්මක වන්නේ සමස්ත ජනතාවගේ සර්ව සාධාරණත්වය උදෙසා වෙනුවට සමාජයේ එක්තරා පැලැන්තියකගේ වුවමනා එපාකම් හොදින් හෝ නරකින් ඉටු කිරීම උදෙසාය ය යන්න අමිහිරි සත්‍යකි. එකී තත්වය හමුවේ පහළ සිවිල් සමාජයේ සුළු වැරදි කරුවන් උදෙසා ක්ෂණයෙන් ක්‍රියාත්මක වන දැඩි නීතිය ඉහළ සමාජයේ වැජඹෙන දියවන්නා නීති සම්පාදක ගොඩනැගිල්ලේ වෙසෙන රෙද්ද බැනියම අදින්නන්ගේ හා ඔවුනගේ හිත මිතුරන් ගේ මහා පරිමාණයේ වූ වැරදි අරබයා ක්‍රියාත්මක වන්නේ ඉතාමත් මන්දගාමීවය. එම නිසා දියවන්නාවේ රෙද්ද බැනියම අදින්නන් අති බහුතරය සිය දේශපාලන න්‍යාය පත්‍ර සකස් කරාන්නේ බලය ලබා ගත් පසු මහා භාණ්ඩාගාරය සොරා කෑමටත් එකී සොරකම් සිය බලහත්කාරී පලාන වපසරියේම ස්ථානගතව තිබෙන නීතියේ දෙවගනගේ ආනුභාවයෙන් වසා ගැනීමට පමණක්මය. පසුගියදා අප පින් බිමේ නීතිය සම්පාදනය කරන ආයතනයක වූ බලවත් ඉහල තනතුරක් දරන නෝනා කෙනෙකු හා චූදිතයකු අතර වූ දුරකථන සංවාදයක් මෙකී තත්වය බලවත් ලෙස තීව්‍ර කළේය. ඇය එහි පැවසූයේ “මට නීතිය හදන්නටත් කඩන්නටත් හැකි බවය” (I can both break the law and make the law). එනයින් අප පින් බිමේ නීතිය වනාහි කුඩා සතුන් හොදින් ග්‍රහනය කර ගත්තද මහ සතුන්ට පහසුවෙන් බිද යා හැකි දුර්වල මකුළු දැලක් බදුය.

එනමුත් ලොව දියුණු යැයි සම්මත බොහෝ රාජ්‍යයන් හි සමාජ ක්‍රමය හා ඒවායේ ක්‍රියාත්මක නීතිය ඉහත තත්වයට ඉදුරාම වෙනස් හා එකිනෙක සන්සන්දනය කිරීමට හෝ අපහසු මට්ටමක පවතියි. මා මේ මොහොතේ ජීවත් වන ඔස්ට්‍රේලියාව වන් රාජ්‍යයක් තුල පවතින නීතිය යනු සියල්ලන්හට අතිශය පොදු ධර්මතාවකි. එය සිවිල් සමාජයේ සිවුකොන් සිසාරා එක ලෙස විහිදී පවතින්නකි. එක ලෙස එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සමාජයේ සියලු ස්ථරයන්හි ජීවත් වන ජීවින්ගේ පොදු යහපත හා ජීවත් වීමේ නිදහස බලවත් ලෙස තවුරු කරන ක්‍රමික යාන්ත්‍රනයකි. මෙම නෙතික යාන්ත්‍රන මොඩල දෙක සැසදීම උදෙසා මා හට කදිම නිදසුනක් සිහිවේ. එනම් 2017 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් හට සිය පුද්ගලික ඩිංගි බෝට්ටුව සිඩ්නි වරාය අසල ජලාශයේ ජීවිතාරක්ෂක කබායක් නොපැළද පැදීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 250 ක දඩයක් නිව් සවුත්වේල්ස් නීතිය යටතේ නියම විය. ක්ෂණයෙන් නීතියට හිස නැමූ අගමැතිවරයා එම දඩය ගෙවා දමා සමස්ත ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් සමාව ඇයැද මිත්‍රශීලීව සිහි කර සිටියේ දිය ක්‍රීඩාවන්හි නිරත වන විට ජීවිතාරක්ෂක කබායක් පැලැදීමේ ඇති වැදගත්කමය. ඔහු තවදුරටත් පවසා සිටියේ තමන් මින් වටිනා පාඩමක් ඉගෙන ගත් බවය. මේ අතර මාහට සිහිපත් වූයේ අප පින් බිමේ මහජන නියෝජිතයකු යැයි කියාගත් පුද්ගලයකු සිය හැදුනුම් පත ඉල්ලා සිටි පොලිස් නිළධාරියෙකුට පැවසූ පහත දෙබසය: “උඹ කවුද යකෝ මගෙන් අයි ඩී එක ඉල්ලන්න මම පාර්ලිමේන්තු මන්ත්‍රී…”

මේ අතර අප පින් බිමේ ජනාධිපතිලෙස පත් වීම උදෙසා අපේක්ෂකයින් තිස්පස් දෙනෙකු සිය නාම යෝජනා භාරදී ඇති මොහොතක අප හට සිහි පත් වන්නේ ඉහත වැරහැලි වූ නීතියේ දෙවගන ගේ දෑස් හොදින් බැද සුරතේ වූ අසිපත මැද සමස්ත ජාතියටම එක ලෙස සලකන අභිමානවත් නීතියක් ස්ථාපිත කිරීමට ජනාධිපති වීමට වෙර දරන කාහට හැකිවේද කියාය. එකී බැරෑරුම් ප්‍රශ්නයට විසදුම ඇත්තේ වෙනෙකෙකු අත නොව ඡන්දදායකයා වූ ඔබ සතුවය. මක් නිසාද යත් ජනතා පරමාධිපත්‍ය සතු වන්නේ ඔබ සුරතේ බැවිනි. එබැවින් සිය හැගීමට ඉඩනොදී ප්‍රායෝගිකව ඔබගේ ජනතා සේවකයා තොරා ගැනීමට සදහා මෙවර ඔබ ඔබවම සුදුස්සකු බවට පත් කර ගත යුතු වන්නේය. එසේත් නොමැති නම් තව දුරටත් හූල්ල්මින්ද, අනෙකාට බැනවදිමින්ද, අසරණයකු ලෙස උන්ගේ අත පල්ලේන් වැටෙන හිගමන් බුදිමින් උන්ගේ ම විගඩම් බලමින් ජීවත් වීමට ඔබ සූදානම් විය යුතුය.

තිලංග ශ්‍යාමජිත් ෆොන්සේකා

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි