නවතම පුවත්

හද කම්පා කරවන ඇල්බේනියා සේයාරුවේ සුනඛ වීරයා ‘සදාක්’

අසංක

අසංක

ඇල්බේනියාවේ පසුගිය දා සිදුවූ දරුණු භූ කම්පනයෙන් පසුව කඩාවැටී සුන්බුන් වූ ගොඩනැගිලි කොටස් අතුරෙන් යටවුණු පුද්ගලයන් සොයන මෙහෙයුම් අතරතුර කැමරා ඇසට හසුවූ ඡායාරූපයක් ලොවක් කම්පා කිරීමට තරම් හද සසල කරන්නක් විය.

එම ඡායාරූපයේ වූයේ ගොඩනැගිලි සුන්බුන් අතරින් මතුවූ අතක් හා එතැන ඉඳගෙන සිටිමින් උදව් ඉල්ලා බුරන සුනඛයකුගේ සේයාරුවයි.

එම ඡායාරූපය සමාජ ජාල තුළ වේගයෙන් පැතිර ගියේ තම ස්වාමියා බේරාගත නොහැකිව මහ හඬින් කෑගසා හඬනා බලු සුරතලුගේ ආදරය හැඟවෙන විස්තර ය.

නමුත් එම සිද්ධියේ සත්‍ය කතාව ඊට තරමක් වෙනස් නමුත් ඒ සුනඛ සුරතලා දැන් සැළකෙන්නේ වීරයකු ලෙසයි.

30 දෙනෙකුට මරු කැඳවා 600කට අධික පිරිසක් තුවාල සිදුකළ රිච්ටර් මාපකයේ ඒකක 6.4ක් තරම් වූ එම බිහිසුණු භූ කම්පනයෙන් ඇල්බේනියාවේ මහල් නිවාස ගොඩනැගිලි 4ක් පමණ මුළුමනින්ම සමතලා වී තිබුණි.

පසු කම්පන විශාල සංඛ්‍යාවක් දසිදුවූ එම ව්‍යසනයට හසුවූවන් බේරාගැනීමට එම ප්‍රදේශවලට කොසෝවෝ, ඉතාලිය, ප්‍රංශය, රොමේනියාව, තුර්කිය, ග්‍රීසිය හා ක්‍රොඒෂියාවේ විශේෂඥ පුහුණුව සහිත ආරක්ෂක බළකා ඒකකවල නිලධාරීන් 200ක් පමණ පැමිණ තිබුණි.

එම ස්ථානයට පුද්ගලයන් ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන්ම ආ ‘සදාක්’ යනු කොසෝවෝ ආරක්ෂක අංශයේ විශේෂ බළකායේ සේවය කරන නිර්භීත හා දක්ෂතම සුනඛ නිලධාරියෙකි.

සුන්බුන් අසලට පැමිණි වහා ඉව ඇල්ලීමට පටන් ගත් සදාක්ට සුන්බුන්වලට යටවූ මිනිසුන්ගේ හදගැහෙන හඬ කෙසේ දැනෙන්නේ ද යන්න ආරක්ෂක නිලදරුවන්ට පවා අදටත් විස්මය දනවන්නකි.

නමුත් සදාක් ක්ෂණිකවම තම රාජකාරිය විශිෂ්ට ලෙස සිදුකරමින් ගොඩනැගිලි සුන්බුන් යට පණපිටින් වැළලී සිටිමින් මරු තුරුලේ සිටි සිව්දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට සමත් විය.

හද කම්පා කරවන එම ඡායාරූපයට හසුව තිබුණේ සදාක්ගේ එවන් එක් ප්‍රයත්නයක් පමණි.

සදාක් මෙන්ම ස්විට්සර්ලන්තය, ක්‍රොඒෂියාව ඇතුළු රටවල් කිහිපයකින් මෙලෙසින්ම සුනඛ ඒකක කැඳවා තිබුණි.

ඔවුන්ගේ සහය නොවන්නට ගලවාගැනීමට හැකිවූ ජීවිත 48ක් මරුවා සමග යන්නට ඉඩ තිබූ තරමට එම මෙහෙයුම් අසීරු වූ බව ඇල්බේනියානු රජය පවසා තිබේ.

සදාක් අද වනවිට වීරයකු ලෙස සැළකෙන අතර මේ සදාක්ගේ පළමු වික්‍රමය ද නොවේ.

අතිශය සියුම් ඉවක් ඇති සදාක්ට යමකට යටවී සැඟවී සිටින මිනිසකුගේ හද ගැහෙන හඬ දැනෙන්නට ඇති හැකියාව අනෙක් සුනඛයන්ට සාපේක්ෂව විස්මිත බව බොහෝ දෙනාගේ අදහසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි