නවතම පුවත්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ නැව් අළුත්වැඩියා කණ්ඩායම් නාවාරෝහණය රජයේ නිතිරිතීවලට අනුකූලයි

අසංක

අසංක

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ සිදුවන සේවා ඉංජිනේරුවන්ගේ නැව්නැඟිම සම්බන්ධයෙන් රජය විසින් නියම කර ඇති සියලුම මාර්ගෝපදේශ අනුගමනය කරන අතර එම ක්‍රියාවලිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

ඒ අනුව හම්බන්තොට වරායේ නැංගුරම් ලා ඇති ‘එස්.සි.එෆ් සයන්’ නැමැති ලයිබීරියානු ඉන්ධන නෞකාවේ අලුත්වැඩියා කටයුතු සඳහා ඩෙන්මාරකයේ සිට සේවා ඉංජිනේරුවන් තිදෙනෙකු විශේෂ ‘ගල්ෆ්ස්ට්රීම් G200’ ගුවන්යානයෙන් පසුගියදා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.

එම ගුවන් යානයේම ඒ සඳහා අවශ්‍ය අමතර කොටස් ගෙන ආ අතර ඉංජිනේරුවන් තිදෙනා සමඟ කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ සේවා ඉංජිනේරුවන් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් නෞකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදී.

හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් සර්විසස් (HIPS) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් රවී ජයවික්‍රම මහතා පැවසුවේ දැඩි සෞඛ්‍යාරක්ෂිත තත්වයන් යටතේ එම පිළිසකර කිරීම් සිදු වූ බවයි.

හම්බන්තොට වරායේ නැංගුරම් ලා ඇති නෞකාවන්හි සේවය කිරීම සඳහා විදේශ නාවිකයන් ගෙන්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටීන් නිසි අයුරින් ක්‍රියාත්මක කර ඔවුන් සිය රටෙන් නිසි නිශ්කාෂණ සහතික ලබාගෙන ඇති බවටත්, ශ්‍රී ලංකාවට පැමිණි විට අවශ්‍ය පරීක්ෂණ සිදු කෙරූ බවටත් කපිතාන්වරයා සහතික වේ. මෙම සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අධීක්ෂණය කරන බව ඒ මහතා අවධාරණය කරයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය විවිධ සේවාවන් සඳහා විවෘතව ඇති අතර ඔවුනට යාබදව පිහිටි ප්‍රධාන මුහුදු මාර්ගය ඔස්සේ ගමන් කරන යාත්‍රා සඳහා සිය සේවාවන් ලබා දීමට වරාය සූදානම්ව සිටියි. මත්තල ගුවන්තොටුපළ වරායට සමීපව පිහිටීම හේතුවෙන් ගුවන් හා මුහුදු සම්බන්ධතා ඉතා පහහසුවෙන් කල හැකි වීම, මෙම සේවාවන් සැපයීමේදී විශාල රුකුලක් වන බව වරාය නිළධාරීන් තවදුරටත් පවසයි.

එස්.සි.එෆ් සයන්’ නැමැති ලයිබීරියානු ඉන්ධන නෞකාව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා හම්බන්තොට වරාය නැංගුරම්ලා ඇති අයුරු.

ඩෙන්මාර්ක් ඉංජිනේරු කණ්ඩායම නෞකාවේ අළුත්වැඩියා කටයුතු සිදු කරන ආකාරය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි