නවතම පුවත්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙහෙයුම්වල වර්ධනයක්

අසංක

අසංක

 

2021 වර්ෂයේ අඩක් ගෙවී යන විට හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) තම පරිමාවන්හි සහ සේවා විවිධාංගීකරණයේ සුවිශේෂි වර්ධනයක් වාර්තා කිරීමට සමත් වි ඇත. 2020 ජුනි මස අවසානය වන විට සමස්ත භාණ්ඩ හැසිරවීමේ පරිමාව මෙට්‍රික් ටොන් 420,421ක් වූ අතර එය වර්තමානය වන විට මෙට්‍රික් ටොන් 1,206,425 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. වසංගතය පුරාම හම්බන්තොට වරාය සිය මෙහෙයුම් බාධාවකින් තොරව ඉදිරියට ගෙන ගිය අතර, පළපුරුදු වරාය කළමනාකරණය සමඟ ගනුදෙනුකරුවන්ට ලබා දුන් කැපවූ සේවාවන්හී ප්‍රතිපල ඔවුන් දැන් භුක්තිවිඳිනු ඇත.

වරාය විසින් හසුරුවා ඇති වාහන ප්‍රමාණය 2020 ජුනි මාසයේදී මෙට්‍රික් ටොන් 239,827 ට සාපේක්ෂව, 2021 ජුනි මස අවසානයේදී මෙට්‍රික් ටොන් 413,005 ක් විය. අනුරූප කාලපරිච්ඡේදය තුළ හසුරුවන ලද තොග පරිමාවේ වැඩිවීම සැලකිය යුතු මට්ටමක පැවතුනි. එනම් 2020 දී මෙට්‍රික් ටොන් 1443 ට සාපේක්ෂව 2021 වසරේ ජුනි මස අවසානය වන විට මෙට්‍රික් ටොන් 578,327 කි. LPG, දියර තොග පරිමාවන් හැසිරවීමේ ප්‍රමාණය පසුගිය වසරේ මෙට්‍රික් ටොන් 179,151 සිට මෙට්‍රික් ටොන් 215,094 දක්වා ඉහළ ගොස් ඇති අතර අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල්ද (VLSFO) වරාය විසින් හසුරුවා ඇත.

“හම්බන්තොට වරාය වසංගත කාල සීමාව තුළ අභියෝගයන්ට ඉතා හොඳින් මුහුණ දුන් අතර, අපගේ අද්විතීය වාණිජ සහ විකුණුම් උපායමාර්ග වරායේ කාර්යක්ෂමතාවයට හේතු වී ඇත. සෑම තරාතිරමකම ප්‍රතිචාරාත්මක ශ්‍රම බලකායක් අප සතුව ඇති අතර එය මෙහෙයුම් සුමටව පවත්වාගෙන යාමට උපකාරී වන හොඳම මෙවලමයි. ලොව පුරා ඇති සියලුම සී.එම්.පෝර්ට් මෙහෙයුම්හී ප්‍රධාන කොටසක් වන, ප්‍රශස්ථ කාර්යක්ෂමතාව සඳහා අපගේ පද්ධති අඛණ්ඩව පුහුණු කිරීම සහ පරීක්ෂා කිරීම් තුළින්, ලබන වසර වන විට හම්බන්තොට වරාය පූර්ණ ක්‍රියාකාරී බහුකාර්ය වරායක් බවට පත්වනු ඇතැයි” හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) වාණිජ හා අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ලාන්ස් සූඕ මහතා පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහා පැමිණි විදුලි ට්‍රාන්ස්ෆෝමර් සහ අනෙකුත් කොටස් ඇතුළු පැකේජ කිහිපයයක් හැසිර වූ ආකාරය, මහා පරිමාණ / බර ඒකක බෑම හා බෙදා හැරීම පිළිබඳ වරාය සතු විශේෂඥතාවය සහ ධාරිතාව ප්‍රදර්ශනය කළේය.

නොකඩවා වාහන මෙහෙයුම් හැසිරවීමේ ඉහළ ඵලදායිතාවයක් පෙන්වීම වරාය අත්පත් කරගත් තවත් කැපී පෙනෙන ජයග්‍රහණයකි. 2021 ජුනි මාසයේදී වරායට පැමිණි ග්ලෝවිස් සමිට් නැමැති යාත්‍රාවේ සිට, හම්බන්තොට වරාය මෙහෙයුම් කණ්ඩායම පැය 18 කට අඩු කාලයක් තුළ ඒකක 5000 ක් පමණ හැසිරවීමට සමත් වූයේ, අන්තර්ජාතික මිනුම්හි සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

මෙම කාලය තුළදී Seadrill සමාගමට අයත් ජාත්‍යන්තර තෙල් ගවේෂණ නෞකා ද්විත්වයක් ආම්පන්න සැකසීමකට වරායේ නැංගුරම් ලෑවේය. වරාය වෙත පැමිණෙන වාහන මෙහෙයුම්කරුවන්ට ඉන්ධන තොග වශයෙන් සැපයීමේ අමතර වාසිය දැන් හම්බන්තොට වරායට ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි