නවතම පුවත්

හම්බන්තොට වරාය ISO ජාත්‍යන්තර තත්ව සහතිකයෙන් පිදුම් ලබයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතිය වෙනුවෙන්, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි තත්ව සහතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින්, ISO 45001: 2018 කළමණාකරණ පද්ධති සහතිකය පිරිනමා ඇත. හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මෙම සහතිකය ලබාගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරායයි.

මෙම සහතිකය පිරිනමා ඇත්තේ, තත්ත්ව, සෞඛ්‍ය, පාරිසරික සහ සමාජ වගකීම් යන ක්ෂේත්‍ර විගණනය කිරිමේ ගෝලීය ප්‍රමුඛයා වන වෙරිටාස් ලංකා පුද්ගලික සමාගම විසින් සිදු කරන ලද පුළුල් කළමණාකරණ පද්ධති විගණනයකින් අනතුරුවයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ මෙම සහතිකය වරායේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, එහි මෙහෙයුම් කටයුතු වඩාත් උසස් ප්‍රමිතියකට පවත්වාගෙන යාම තහවුරු කිරීමට දිරිගැන්වීමක් වන බවයි. ලොව ප්‍රමුඛ වරාය ක්‍රියාකරුවකු වන සී.එම් පොර්ට් (CMPort) සමාගම හම්බන්තොට ජාත්‍යන්තර වරායේ හවුල්කරුවකු වීම හේතුවෙන් විශේෂඥ දැනුම සහ අන්තර්ජාතික පිළිගැනීම වැනි අමතර ප්‍රතිලාභ රැසක් වරායට හිමි වේ.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?