නවතම පුවත්

හම්බන්තොට වරායේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවට CIPM සම්මන්ත්‍රණයේදී විශේෂ අගැයීමක්

අසංක

අසංක

වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ (Chartered Institute of Personnel Management – CIPM) පසුගිය ජූලි මාසයේදී පැවති පස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයේ ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් වශයෙන් සිය විශිෂ්ඨ කළමණාකරන භාවිතයන් ඉදිරිපත් කිරීමට තෝරාගත් සමාගම් හතෙන් එකක් ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තේරී පත් විය. ඔවුන්ට මෙම අවස්ථාව හිමි වූයේ ඔවුන් විසින් අනුගමනය කරන ලද නිවැරදි සෞඛ්‍ය හා ආරක්‍ෂක නිතී රෙගුලාසි හේතුවෙනි.

HIPG මානව සම්පත් කළමනාකරණ කණ්ඩායම නියෝජනය කරන HIPGහි, ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි, මානව සම්පත් සහ පරිපාලන – ජීවන් එම්. ප්‍රේමසර, ජ්‍යෙෂ්ඨ කළමනාකාර මානව සම්පත් හා ප්‍රාදේශීය කටයුතු – බුද්ධික සඳරුවන්, මානව සම්පත් සහ පරිපාලන කළමනකරු – හසිත ලක්මාල් යන මහත්වරුන් විසින් “හම්බන්තොට වරාය සමූහයට සම්බන්ධව පශ්චාත් කොවිඩ් -19 වසංගතය තුළ මානව සම්පත් කළමනාකරණ වෘත්තිකයින්ගේ අභියෝග හා කාර්ය භාරය” යන මැයෙන් සම්පාදිත ව්‍යාපාර පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කළේය.

මෙවර සම්මන්ත්‍රණයේ තේමාව “ගෝලීය අර්බුද සහ අනාගතයේ කාර්යයන් සිදු කිරීම” වූ අතර දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ, පෞද්ගලික, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානයන්හී කාර්ය සාධනය තුළ මානව සම්පත් කළමනාකරණ භාවිතයන්හි සඵලතාවය කෙරෙහි සම්මන්ත්‍රණයේදී අවධානයට යොමු විය.
වසංගතය අතරතුර වරාය සිය එදිනෙදා මෙහෙයුම් කටයුතු කිසිවක් නතර නොකර තම කාර්යය මණ්ඩලය සාර්ථකව හසුරුවා ගත් ආකාරය මෙම ව්‍යාපාර පර්යේෂණ වාර්තාව මඟින් ඉදිරිපත් කර තිබුණි.

“හම්බන්තොට වරාය මඟින් අනුගමනය කළ “පුද්ගල ප්‍රමුඛතා” (People First) ප්‍රවේශය හේතුවෙන් වරායේ මෙහෙයුම් කටයුතු සාර්ථකව ඉටු කර ගැනීමට හැකි වූ අතර සේවකයන්ගේ යහපැවැත්ම අපගේ මුඛ්‍ය ප්‍රමුඛතාව වූ බැවින් වසංගත තත්වය තුළ සේවක මහත්ම මහත්මීන්ට සහයෝගය දැක්වීම, වසංගතය පිළිබඳ සන්නිවේදනය හා දැනුවත් කිරීම, සේවක සම්බන්ධතා කටයුතු සිදු කිරීම, පුහුණු හා සංවර්ධන කටයුතු සිදු කිරීම, සේවක කටයුතු ඇගයීම තුළින් සේවකයින්ගේ චිත්ත ධෛර්යය නංවාලීම සඳහා වූ නිශ්චිත පද්ධතියක් අප තුළ ඇති” බව ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි, මානව සම්පත් හා පරිපාලන – ජීවන් ප්‍රේමසර මහතා මෙහිදී පැවසීය.

ඔවුන්ගේ ඉදිරිපත් කිරීමේ දී, මානව සම්පත් කළමනාකරණ කණ්ඩායම, පුද්ගල ප්‍රමුඛතා ප්‍රවේශය තුළින් වරායේ ව්‍යාපාර කටයුතුවල අඛණ්ඩතාවය සහතික කළ අයුරු සහ ආයතනික කටයුතු සිදු කිරීමට ඇති කර තිබූ නම්‍යශිලී රැකියා පරිසරය, නම්‍යශිලී වැඩපිළිවෙල සහ තාක්‍ෂණික මෙවලම් භාවිතය ඔස්සේ පුද්ගලයින්ට තම රැකියාව හා පෞද්ගලික ජීවන සමබරතාවය පවත්වා ගෙන යමින් ඕනෑම ස්ථානයක සිට වැඩ කිරීමට හැකි වන පරිදි සේවාවන් පත්වාගෙන ගිය ආකාරය පැහැදිලි කළේය.

අපගේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ කමිටුව (Emergency Response Committee – ERC) ආයතනයේ හදිසි ප්‍රතිචාර දැක්වීමේ යාන්ත්‍රණයේ ප්‍රධාන මෙහෙයුම්කරුවා විය. එය ප්‍රධාන විධායක නිලධාරීතුමා සහ විධායක කළමනාකරණ කමිටු සාමාජිකයින් විසින් මෙහෙයවනු ලබන අතර සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙහි කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ලෙස කටයුතු කරයි.

වරාය තුළ කොවිඩ් -19 රෝගියෙක් වාර්තා වුවහොත්, එහි ව්‍යප්තිය අවම කරගනිමින් වරාය මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදු කිරීම සඳහා, ඉතා නම්‍යශීලීව සහ හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක කිරීමට හැකි විකල්ප සේවා වැඩ මුර ක්‍රමයක් ආයතනය සතුව පවතින අතර ව්‍යාපාර කටයුතු හා මානව සම්පත් කළමණාකරණ කටයුතු දුරස්ථ ක්‍රමවේදයන් ඔස්සේ සිදු කළ හැකි උසස් තාක්ෂණයෙන් යුත් වැඩපිළිවෙලක්ද අප ආයතනය තුළ පවති.

වරාය කාර්ය මණ්ඩලයේ සියළුම සාමාජිකයන්ට මෙන්ම පාර්ශවකරුවන්ට සහ ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත සේවා පරිසරයක් සහතික කිරීම සඳහා අවශ්‍යය සෞඛ්‍ය හා ආරක්‍ෂක පද්ධති සඳහා සැලකිය යුතු ආයෝඡනයක් කර ඇත.
මෙම කටයුතු අතර ඉතාමත් වැදගත්ම කරුණ නම් හම්බන්තොට ජාත්‍යන්තර වරායෙහි සංස්කෘතික වෙනස්වීම් තුළ කළමනාකාරිත්වය හා සේවකයන් අතර අනෝන්‍ය විශ්වාසය ඉතා ශක්තිමත්ව ගොඩනැඟි ඇති අතර එම දෙපාර්ශවයම එකතු වී මෙම වර්තමාන අර්බුදකාරී වාතාවරණය ඒකාබද්ධව ජය ගැනීමේ වගකීම බෙදා ගන්නා බව ප්‍රේමසර මහතා පැවසීය.

හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේදී ආයතනය සතුව ඇති සැලසුම් සහ ආයතනික සේවක මහත්ම මහත්මීන්ගේ සෞඛ්‍ය හා ආරක්‍ෂාව සහතික කිරීමෙන් ඔබ්බට ගොස් වරාය හා සම්බන්ධ අනෙකුත් ආයතනවල සේවක මහත්ම මහත්මීන් සහ වරාය අවට ප්‍රජාව වෙත ආයතනික සමාජ වගකීම් ඉටු කිරීමද මානව සම්පත් අංශයේ කාර්යයක් බැව් මෙම ව්‍යාපාර පර්යේෂණ වාර්තාවෙන් විස්තර කළේය.

වසංගත තත්වය තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය මඟින් පුද්ගල යහපැවැත්ම ඉහළ නැංවීමේ අරමුණින් සහ සමාජ සුබසාධනය ඇති කරලීම සඳහා රෝහල්, පාසල් සහ අනෙකුත් රජයේ ආයතන සඳහා සිදු කළ පරිත්‍යාග මෙන්ම වසංගත තත්වයක් තුළදී පවා ආයතනික සමාජ වගකීම් ඉටු කිරීම පිළිබඳ මෙම ව්‍යාපාර පර්යේෂණ වාර්තාවෙන් පෙන්වා දුන්නේය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි