නවතම පුවත්

හම්බන්තොට වරාය කාර්මික කලාපයෙන් වසරක් තුළ ගෘහ උපකරණ

අසංක

අසංක

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) ඔවුන්ගේ කර්මාන්ත කලාපයේ වේගවත් ප්‍රගතිය සඳහා “HIPG Speed” යන නව සංකල්පය වරායේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටිය (SOP) සමඟ ඒකාබද්ධ කර ඇත.

මෑතකදී ගිවිසුම් අත්සන් කළ තම හවුල්කරු වන ෂෙන්ෂෙන් ෂින්ජි සමූහය (Shenzhen Xinji Group) සමඟ, හම්බන්තොට වරාය, “Plug and Play” (පිරිනිමි) සංකල්පය ළඟදීම හඳුන්වා දෙනු ඇති අතර එහි උන්නතිය වෙනුවෙන් “HIPG Speed” වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇත. ෂින්ජි සමූහයේ සභාපති යැං ලින් පවසන්නේ,“අපගේ නවීන ප්‍රමිතිගත කර්මාන්ත ශාලාව මාස 12 ක් තුළ ගෘහ උපකරණ නිෂ්පාදනය කිරීමට සූදානම්. හම්බන්තොට කර්මාන්ත කලාපයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි අනෙකුත් ව්‍යවසායන් සඳහා සහය දක්වන ඉන්කියුබේටරයක් ලෙස ක්‍රියා කිරීමයි අපගේ සංකල්පයෙන් සිදු වන්නේ.”

HIPG වරාය ආයෝජන සේවා, මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය වේගවත් කිරීම අරමුණෙන්, රාජ්‍ය අංශ සමඟ එක්ව, ෂින්ජි සමූහයට පහසුකම් සැලසීම පුළුල් කොට ඇත. පවතින ගෝලීය සෞඛ්‍ය අවදානම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට කටයුතු කිරීමට නොහැකි වූ ෂින්ජි සමාගම සඳහා ව්‍යාපෘති අයදුම්පත සහ ඊට අදාළ ලියාපදිංචි කිරීමේ කාර්යන් හා අනුග්‍රහපූර්වක ප්‍රතිපත්ති ආදිය සඳහා සහයෝගය ලබා දුන්හ. “HIPG සතු “ව්‍යාපාර කිරීමේ පහසුව” (ease of doing business) ඕනෑම ව්‍යාපෘති ආයෝජනයකට වසංගත කාලයේදී පමණක් නොව සාමාන්‍ය කාලවලදී පහසුවෙන් ක්‍රියාත්මක වීමට උපකාරී වේ.
“HIPG Speed” යනු, අපගේ ගනුදෙනුකරුවන්ට ප්‍රශස්ත සහාය සමඟ මෙහෙයුම් ආරම්භ කිරීමට ඇති පැහැදිලි දිශාව පෙන්වමින් ඉදිකිරීම් බාධක ඉවත් කරමින්, සැපයුම් සහාය, ස්ථානීය ගවේෂණ, උපකරණ සකස් කිරීම, පුහුණුව යනාදිය සැපයීම සහතික කරන සංකල්පයකි. ෂින්ජි ව්‍යාපෘතිය ගත් කල, ව්‍යාපෘතිය අත්සන් කිරීමේ සිට ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අපට ගත වූයේ දින 20ක සුළු කාලයක් පමණි”,යැයි HIPGහි වරාය ආයෝජන සේවා, නීති හා ආයතනික කටයුතු පිලිබඳ ජ්‍යේෂ්ඨ සමාන්‍යාධිකාරි ටිම් ෂියාඕ මහතා කියයි.

ෂින්ජි “ඉලෙක්ට්‍රොනික් සැකසුම් කලාපය” ඉදිකිරීමෙන් අනතුරුව එය ගෘහ උපකරණ නිෂ්පාදනය හා වෙළඳාම ස්වාධීනව සිදුකිරීමේ වේදිකාව වනු ඇත. එමෙන්ම එක් ප්‍රමිතියකට නිම කළ කම්හල් ඉදිකිරීම, බදු දීම සහ ක්‍රියාත්මක කිරීම තුළින්, නිෂ්පාදන සහ බෙදාහැරීම් කටයුතු සිදු කරන ව්‍යාපාර සඳහා “එක් නැවතුම්පොළ සේවා” (one-stop service) පහසුකම් සැපයෙනු ඇත. එමෙන්ම නිෂ්පාදන අමුද්‍රව්‍ය සපයන්නන්, සහ ප්‍රසම්පාදන සහාය ලබා දෙන ව්‍යාපාර සඳහාද රුකුලක් වන අතර, විවිධ ව්‍යාපාර සමඟ හවුල්කාරිත්වය තුළින් HIPG ඔවුන්ගේ සහයෝගිතාවය අඛණ්ඩව ශක්තිමත් කරගනු ඇත.
HIPGහි ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියු මහතා සඳහන් කරන්නේ හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුළ පිහිටි කර්මාන්ත උද්‍යානය ඔස්සේ වරාය සංවර්ධනයේ නව අදියරකට පිවිසීමට සූදානම් බවයි. “අපගේ වරාය මෙහෙයුම් වේගයෙන් නිම වීමත් සමඟ හම්බන්තොට වරාය බහුකාර්ය වරායක් බවට පත් කරනු ඇති අතර අපගේ නවීන වරාය මෙහෙයුම් සඳහා අනුපූරක වන විධිමත් කාර්මික කලාපයක් නිර්මාණය කරමින් සිටිමු. ඒ තුළින් පළමුව දකුණු ආසියාවටද ඉන්පසුව ලෝකයටද ආයෝජන අවස්ථා විවර කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත”.

සේයාරුව-
IMG01 සහ IMG02 – “Plug and Play” (පිරිනිමි), Park in Park’ (කලාපය තුළ කලාපයක්) කර්මාන්තශාලාවේ ඉදිකීරීම් ආරම්භ කිරීම.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී