නවතම පුවත්

හමුදාවේ ‌‌දෙන්නෙක් ගිනිඅවි එක්ක දඩයමේ යද්දී අත්අඩංගුවට

අසංක

අසංක

ගිනි අවි රැගෙන නීතිවිරෝධී ලෙස දඩයමේ යමින් සිටි හමුදා සෙබළු දෙදෙනකු කුරුණෑගල ගෝවාකොටුව හන්දිය අසලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනකු පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂාවට ලක්කර ඇත.

යතුරුපැදිකරු හැද සිටි ජැකට්ටුවෙන් ආවරණය කර රැගෙන යමින් සිට ඇත්තේ ටී56 ගිනි අවියක් සහ සජීව පතොරම් 10ක් සහිත මැගසිනයකි.

ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන්  යුද හමුදාවේ සේවය කරන අයකු හා ඒහි සිවිල් සේවකයකු බවයි.

ඔවුන් රාත්‍රි කාලයේදී දඩයම් කිරීමට යන අතර දඩමස් අලෙවියේ ද යෙදෙන බවට ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත.

සැකකරුවන් අතර බුත්තල හමුදා කදවුරේ සෙවය කරන 46 හැවිරිදි කුරුණෑගල පදිංචිකරුවකු හා වතුපිටිවල විජයබා පාබල රෙජිමේන්තුවේ හමුදා සිවිල් සේවකයකු වන 37 හැවිරිදි කුඩාගල්ගමුව පදිංචිකරුවකු වන බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පුපුරණ ද්‍රව්‍ය පිළිබද පුහුණුව ලත් සුනඛයකු යොදවා ඔවුන්ගේ නිවෙස් ද විශේෂ පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී ටී56 ගිනිඅවියක්, ටී 56ගිනි අවි පිරිසිදු කිරීමේ කට්ටලයක්, ඉතාලියේ නිෂ්පාදිත වායු රයිෆලයක්, අවි සදහා භාවිත කරන දුර දක්නයක්, බෝර 12 පතොරම් තුවක්කු සදහා භාවිත කරන හිස් පතොරම් කොපු 6ක්, යුද හමුදා නිලධාරීන් භාවිත කරන පැක් 2ක්, හනස් කට්ටල 01ක්, බෙල්ට් ඔඩර් 2ක්, පූචස් 2ක්, අවි පටි 4ක්, වතුර බෝතල් 2ක්, හෙල්මට් 1ක්, කළු ඉනපටියක්, කැප් තොප්පියක්, මෙස් ටින් ඒකක්, ඔයිල් බෝතලයක්, පිස්තෝල අවි මැගසින් දැමීම සදහා භාවිත කරන හොස්ටර් 01ක්, නිල මුද්‍රාවක් හා උපකරණ දමන බෑග්2ක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වැඩිදුර විමර්ශනය සදහා පැය 48ක රැදවුම් නියෝග ලබාගෙන ඇත.

ඔවුන් දෙදෙනා අද යළි කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්