නවතම පුවත්

හමුදා සෙබළු මැරුවා කිව්වේ ‘මම’ නෙවෙයි ‘අපි’ – කරුණා CIDයට කියයි

අසංක

අසංක

 

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් අද ප්‍රකාශ ලබා දී තිබේ .

ඒ ඔහු එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකුව සිටි සමයේදී හමුදා සෙබළු 2000ක් 3000ක් පමණ ඝාතනය කළ බවට ඔහු විසින් පසුගියදා මාධ්‍ය වෙත කරනු ලැබූ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා දීම සඳහාය.

රහස් පොලිසියට ලබාදුන් ප්‍රකාශයේදී කරුණා අම්මාන් පවසා ඇත්තේ අලිමංකඩ එල්ටීටීඊ මෙහෙයුමට තමන් නොගිය බව ය.

තමා විසින් මඩකලපුවේ දේශපාලන වේදිකාවක කියා සිටියේ “මම කලා” කියා නොව “අප කලා” යනුවෙන් බව කරුණා අම්මාන් පවසා තිබේ.

අලිමංකඩ මෙහෙයුමට නායකත්වය දී ඇත්තේ බානු නැමැත්තා බවත් ඔහු මියගොස් ඇති බවත් කරුණා අම්මාන් මහතා මෙහිදී පවසා ඇත.

කරුණා අම්මාන් කොරෝනාවලටත් වඩා භයානක මිනිසෙක් බවට ප්‍රාදේශීය දේශපාලකයකු විසින් කරන ලද ප්‍රකාශයට පිළිතුරක් ලෙස තමා දේශපාලන ප්‍රකාශයක් අයුරින් “අප අලිමංකඩ දී හමුදාවේ සෙබළු 2000ක් 3000ක් ඝාතනය කළ බව” පැවසූයේ යැයි කරුණා අම්මාන් මහතා වැඩි දුරටත් රහස් පොලිසිය හමුවේ පවසා ඇත.

මෙම ප්‍රකාශය පටිගත කරන ලද සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ප්‍රාදේශීය පුවත් නාලිකාවකින් මුල් පිටපත ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කොට තිබිණි.

එම වීඩියෝ දර්ශනය හා මෙම ප්‍රකාශය සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීමට නියමිතය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි