නවතම පුවත්

‘හැම වගාවකටම ‌පොහොර ‌නොමිලේ ‌දෙනවා’ – සජිත්

අසංක

අසංක

ජනාධිපතිවරණෙයන් බලය ලබා තම රජයක් යටතේ මෙරට සියලුම වගාවන්ට නොමිලේ පොහොර ලබාදීමට කටයුතු කරන බව ඒක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනාධිපතිවරණයේදී තම ප්‍රතිවාදියා නොමිලේ පොහොර දෙන්නේ එක තැනකට පමණක් බව ද සජිත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේ කටුගම්පල දී අද (22) පැවති ජනහමුව අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කියාසිටියේ ය.
‘යකාබැදිඅල්ල වාරි යෝජනා ක්‍රමය විවෘත කිරීමට කටයුතු අපි කරනවා. මගේ ප්‍රතිවාදියා ඒක තැනකට විතරක් නොමිලේ පොහොර දෙද්දී හැම වගාවකටම අපේ රජයක් යටතේ නොමිලේ පොහොර දෙනවා. පසුබදු බර ඉවත් කරලා බර වෙනුවට, පීඩනය වෙනුවට සහනය දෙන්න අපි කටයුතු කරනවා. සමෘද්ධි වැඩසටහන ශක්තිමත් කර ජනසවියත් ලබාදෙනවා. මෙරට අනතවාදී ත්‍රස්තවාදී මුළුමනින්ම විනාශ කරමින් කුඩු වෙළදුන්නට අවසන් ඉරණම අත්පත් කර දෙන බව කියන්න කැමතියි.
මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට දක්ෂතම පුද්ගලයාට නායකත්වය ලබාදීමට අපි දැනටත් තීරණය කරලා තිබෙනවා. මෙරට බුද්ධි අංශ දේශපාලනීකරණය වීම තුළ දුර්වල වෙලා. බුද්ධි අංශය නිර්මාණය විය යුත්තේ දේශපාලනඥයන්ට අනුව කටයුතු කරන්න නෙවෙයි. ලෝකය තරහ කරගෙන අපිට ආරක්ෂාව ගොඩනගන්න බැහැ. අපි ප්‍රතිත්‍රස්ත ක්‍රියාදාමය ශක්තිමත් කරන්න බපලාබලාපොරොත්තු වෙනවා. සෙබලුන් පාලකයන්ගේ බිරින්දෑවරුන්ගේ වහලුන් බවට පත්කරලා ජාතික ආරක්ෂාවට යොදන්න බෑ. ඉදිරි වසර 4 ඇතුළත මේ රටේ විහාරස්ථාන 1124ක චෛත්‍ය රාජයාණන් වහන්සේලා 1125ක් රටපුරා තනවා විවෘත කරනවා. ඓතිහාසික මුදල් ප්‍රමාණයක් අපි වෙන් කර තිබෙනවා. ඒ අපි ප්‍රායෝගික බෞද්ධයෝ නිසා. ඔය බෞද්ධකම ගැන කතාකරන ලොකු ලොකු ඇත්තෝ එක චෛත්‍යයක් හදලා නෑ. ඔවුන්ගේ ඉලක්කය මන්දිර දේශපාලන කරන්න. අපි මේ රටේ පාලකයෝ බවට ඔබලා පත්කරනවා. අපි අපේ පෞද්ගලික නිවෙස්වල ඉදන් මේ රට සංවර්ධනය කරන්න ඉන්නේ. අපි ඔබගේ බදු මුදලින් පෝෂණය වන අය බවට පත්වෙන්නේ නෑ. රටේ සංවර්ධනයට ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇතිකරනවා. ගමේ තරුණ තරුණියන්ට ගමේ ඉදන්ම රැකියා කරන්න කටයුතු සලසනවා. පොඩි මිනිහා රජ කරවන්න සජිත් ප්‍රේමදාසට හයිය ලබාදෙන්න.‘

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී