නවතම පුවත්

කෝටි දෙකේ අල්ලස් නඩුව හෙට සිට විභාගයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාගත්තේ විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය හෙට (10) සිට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) නියෝග කළේය.

මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ලැබුවේය.

එහිදී අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට අදාළ සංශෝධිත චෝදනා පත්‍රයක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

විත්තියේ නීතිඥවරු සඳහන් කර සිටියේ සංශෝධිත චෝදනා පත්‍රය පිළිබඳව කරුණු අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි.

විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමකට අනුව නඩුවේ සාක්ෂි විභාගය හෙට දින දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.

මෙම නඩුව අද කැඳවු ලැබූ අවස්ථාවේදී එහි පැමිණිලිකාර ඉන්දියානු ජාතික ව්‍යාපාරික කේ. නාග රාජා මහතා ද සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධිකරණය එම ඉන්දියානු ජාතිකයාට නියෝග කර සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ දුරකථන සංවාදය ඇතුලත් ඔහු සතුව තිබෙන ජංගම දුරකථන දෙක හෙට දින අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්