නවතම පුවත්

හුදෙකලා කළ පොලිස් ක්ෂේත්‍ර බළකාය කලින් කොරෝනා වසංගතය පාලනය කළ හැටි

අසංක

අසංක

කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීමත් සමග පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය හුදෙකලා කර තිබේ.

ඒ හේතුවෙන් වසංගත පාලනය සම්බන්ධයෙන් එහි නිලධාරීන්ගෙන් සිදුවූ දැවැන්ත මෙහෙවර තාවකාලිකව නැවතී ඇත.

කොරෝනා වසංගතය පාලනය සඳහා එහි නිලධාරීන් සිදුකළ කාර්හභාරය සම්බන්ධයෙන් එහි සේවය කරන පොලිස් පරීක්ෂක රංග ජීව මහතා තැබූ සටහනක් පහත දක්වා ඇත.

“ආක්‍රමිකයාට මල්ටි බැරල්වලින් උත්තර දුන්න බලකා මුලස්ථානය තාවකාලික පසු බැසීම

********-********

2020මාර්තු කොරොනා ආක්‍රමිකයා ටිකෙන් ටික රට පුරා ආක්‍රමණය කරන්න පටන් ගත්තේ සියල්ලෝම අසරණ කරමින්ය. කොළඹ නගරයේ මර්මස්ථාන පාලුවට යමින්,ජනයා තුල භීතයක් ඇතිකරමින් නිවාස තුලට සීමා වීය. ආක්‍රමිකයා ඇසට නොපෙනි මිනිස්සු බිලි ගැනීමට මාන බලමින් සිටිහ. මාස දෙකක් රට lockdowm විය. සැගවුන මාරයා සොයා විනාශ කර රට විවෘත කිරිමට ඉදිරියට ස්වෙච්ඡාවෙන් ආවේ බලකා මුලස්ථානයේ නිළධාරින්ය.

වීෂබීජ හරණය හා ආයුධ නිෂ්පාදනය
**************
මුළු කොළොඹම විෂබීජහරණය තනියම බාර ගත් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානයේ නිළධාරින්ට ලොකුම අභියෝගයක් වුයේ මහ පරිමාණ විෂ බීජ හරණය කරන උපකරණ නොමැති වීමය. ඔහුන් ඒ සදහා කදිම නීර්මාණයක් සොයා ගත්තේ ය. ලංකාවේ ප්‍රථම වරට ඒ අත් හදා බැලුවේය. උද්ඝෝෂකයන්ට ජල ප්‍රහාර එල්ල කරන වතුර විදින ජල ප්‍රහාරකය වීය. රජයෙන් දෙන chemicals එයට දමා දිවා රාත්‍රි යේ සැගවුන මාරයා සොයා මරා දැමීම ආරම්භ කළේය. දුම්රිය ස්ථාන ,බස් ස්ථාන ,පාසැල් ,රජයේ හා පුද්ගලික ආයතන වල සැගවී සිටි මාරයාට බැට දුන්නේ ය. මේම chemical ලීටර් ලක්ෂ ගානක් ආක්‍රමිකයා වෙත මුදා හැරිම නිසා එහි අධික සැර නිසා සැම දිනකම කිහිපදෙනෙක් බලකා මුලස්ථානයේ වමනය හා ක්ලාන්ත වී සිටින දර්ශන සාමාන්‍ය දෙයක් බවට පත්විය . එහෙත් හෙට දිනත් ඒ නිලධාරීන් නැවත සිනා මුසු මුහුණෙන් නැග යනවා දැකිමට සතුටක් එක්වීය. මිනිස්සු ඉන්න මහල් නිවාස වල සැගවි සිටින මාරයාට chemical ප්‍රහාර එල්ල කරන්න මේම ප්‍රහාරක රථයට නොහැකි විය. බලකා නිලධාරීන් ඒකටත් අවියක් සොයා ගත්තේ ය. එනම් කොම්ප්‍රේසරයක් සම්බන්ධ කර අත් හදා බැලිමක් කලේය .එය ජංගමව තැනින් තැන උස්සා ගෙන යමින් මහල් නිවාස හා ආයතන වල ඇතුලු වි සැගවුන මාරයාට ප්‍රහාර එල්ල කර මරා දැම්මේය. කොළඹ නගරය ආක්‍රමිකයාගේ විෂ බීජ හරණය කරන ලදී . බලකා මුලස්ථානයේ නිළධාරින් විෂ බීජ මත දුව පැන අවිදිම සාමාන්‍ය දෙයක් වීය.ඒ ඔවුන්ගේ ඇගේ තිබෙන ජාතිය ගැන තියෙන කැක්කුම නිසාය .

ආතතියට ද ප්‍රහාරයක්
****-******
මිනිස්සු මාස දෙකක් නිවාස වලට හීර වි මානසික ආතතියෙන් පෙලෙන තත්ත්වයක් ඇති වීය. ජිවිතේ අනියත බව හා අපේක්ෂා භංගත්වය නැති කිරිමට බලකා මුලස්ථානයේ නිලධාරීන් එක් කංඩායමක් ස්වෙච්ඡාවෙන් ඉදිපත් වීය. ඒ බලකා මුලස්ථානයේ ඇති පෙරදිග අපරදිග සංගීත කණ්ඩායමක් හා නැටුම් කණ්ඩායම් වලට ඉන්න නිලධාරීන් ය. එක් කණ්ඩායමක් ආක්‍රමිකයාට පහරදීම් කරන විට තව කණ්ඩායමක් දිවා හා රාත්‍රියේ කොටුවී සිටින අසරණ මිනිස්සු ගේ ආතතියෙන් ගලවා ගැනිමට සිංදු කියමින් ,නැටුම් පෙන්වමින් මුළු කොළඹම ඇවිදින්න විය. තමා ලග ඉන්න මාරයා ගැන තැකුවේ නැත.එයින් මිනිස්සු යම් තරමක් ආතතියෙන් මිදුනේය

කෑම පැකට් මෙහෙයුම
***-*-*******
කොළඹ පොලිස් ස්ථානවල නිරෝදානයට සහය දෙන නිලධාරීන් හා විවිධ රාජකාරි කරන නිලධාරීන්ට කෑම සපයා ගැනීම වීශාල ප්‍රශ්නයක් ඇති විය. බලකා මුලස්ථානයේ සිටි කාන්තා නිලධාරීන් යොදවා ආහාර පිස පැකට් කර යැව්වෙය.කොළඹ නගර සබාවේ සනීපාරක්ෂක සේවකයනට ආහාර ප්‍රශ්නයක් ඇති වි සේවය ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වී කොළඹ කූණු ඇද ගැනීමේ ප්‍රශ්නයක් ඇති වීය. ඒ සියළුම සේවකයන්ට ආහාර පිස ලබා දීමට බලකා මුලස්ථානයේ නිළධාරින් ඉදිරියට ආවෝය.

ළමා නිවාස හා වැඩිහිටි නිවාසවලට ආහාර සැපයීම කඩවල් වසා දැමීම නිසා අත් හිටවෙන ලදි. එම තත්ත්වය හරිම කණගාටුදායක තත්ත්වයක් අති වීය . පුංචි දරුවන් ගේ වැඩිහිටි දෙමව්පියන් ගේ බඩ ගිනි නිවීමට බලකා මුලස්ථානයේ නිළධාරින් ඉදිපත් වී කොළඹ සිට මාතර දක්වා ළමා හා වැඩිහිටි නිවාස වලට දිනපතා ආහාර පිස රථ වලින් ගෙන දි ඔහුන් ගේ බඩ ගිනි නිව්වේය.

බඩ ගිනි මෙහෙයුම්
********-
මේ සියලුම දේවල් කරන්න කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ නිලධාරීන් එකාවන්ව බැදි තම කොටස ඉටුකරමින් සිටිහ. ආහාර සොයා ගොස් රැගෙන එම සදහා ධීවර වරායන් ,ලෙල්ලම් පීරමින්ද,පොල්වතු වල ඇවිදිමින් ද ,සමහර විට දිගු පෝලිම් වල ද සිටිමින් ආහාර රැගෙන පැමිණ වටේටම කන්න දෙමින් ආක්‍රමිකයාට සංවිධානාත්මකව මුහුණ දෙන ලදි . බලකා මුලස්ථානයේ 2000 ක් පමණ මිනිස්සු එක දවසක් බඩගින්නේ නොතබා පමණක් නොව ඉහත කියු මිනිස්සුන්වා බඩගින්නේ නොතබුවෝය.

කොරොනා නිසා සමහර පොලිස් ස්ථාන වසා දැමුවිට එහි රාජකාරිය ද බාර අරන් වග කීම ඉටු කරන ලදි.

දෙවැනි ප්‍රහාරයට සුදානම් වීම
*–**********
ආක්‍රමිකයාගේ පළමු ප්‍රහාරයට සාර්ථකව බලකා මුලස්ථානයේ නිළධාරින්ට මුහුණ දුන්නේ ය. දෙවැනි ප්‍රහාරය සදහා ද කඩිනමින් ද සුදානම් වීය. එනම් ආහාර ගබඩා කර ගැනිම සදහාය. පරණ කන්ටේනර් පෙට්ටි කිහිපයක් ලහි ලහියේ අලුත් වැඩියා කර සුදානමින් තැබීය. 1එක්වර 1000කට ආහාර පිස ගැනිමට හා ආහාර ලබා ගැනිමට සුපිරි භෝජනාගාරයක් බලකා මුලස්ථානයේ නිළධාරින් ගේ ශ්‍රමයෙන් සුදානම් කලේය . ආහාර ගබඩා කලේය . කේෂ්ත්‍ර බලකා මූලස්ථානය ආක්‍රමිකයා ගේ දෙවැනි ප්‍රහාරය බලාපොරොත්තු වෙන් සිටියේය .එහෙත් අප බලාපොරොත්තු නොවු පැත්තේන් ආක්‍රමිකයා ඇතුලු වීය. පෙරදා විෂ බීජ හරණය කරන්න සිනා මුසු මුහුණෙන් ගිය නිලධාරීන් ,ආහාර පිස ශක්තියක් වූ නිලධාරීනියන්,ආතතිය නැති කරන්න සිංදු කිව්ව නිලධාරීන් , ළමා නිවාසවලට ,වැඩිහිටි නිවාස වල අසරණයන්ට ආහාර පිසගෙන අරන් ගිය නිලධාරීන් , මේවර ආක්‍රමිකයාට ගොදුරු වෙන්න පටන් ගත්තේ ආක්‍රමිකයාට ප්‍රති ප්‍රහාරය දරුණු වීම නිසාය . එක් ආයතනයක් මේසා විශාල වැඩ කන්දරාවක් කලේ නිහඬවමය. දරාගන්න බැරි පාඩුවක් ආක්‍රමිකයා විසින් බලකා මූලස්ථානයට සිදු කර ඇත. එනම් බලකා ඉදිපෙල නායකත්වය කොටු වී අත. මේ ආක්‍රමිකයාට පහරදීමේ මෙහෙයුමේ ඉදිරියේම සිටි ඉදිපෙල නායකයින් නිවාස වලට කොරොන්ටයින් වීම දැරිය නොහැකි පාඩුවක් වි ඇත. කොළඹ වීෂ බීජ හරණය හා වෙනත් කිසිම දෙයක් මිනිස්සු වෙනුවෙන් කිරිම තාවකාලිකව නතර කිරිමට ආක්‍රමිකයාට හැකිවි ඇත. මුලස්ථානයෙන් පිට ඉහල පෙළ නායකයින් අදටත් ආක්‍රමිකයාට විරුද්ධව සටනේ යෙදි සිටිම බලකා මුලස්ථානයේ නිළධාරින්ට පමණක් නොව සමස්ථ පොලිසීයටම ලොකු හයියකි. ආක්‍රමිකයාට පුලුවන් තව දින දහයකි. නැවතත් බල්ටි ගැසීමට අපි එනවා. මේක පොඩි රෙස්ට් එකක් .වෙඩි උන්ඩ වලට නවත්තන්න බැරි අපිව ආක්‍රමිකයාට කොහොමටත් නවත්තන්න බැරිය.”

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි