නවතම පුවත්

ළමා රියැලිටි වැඩසහන් පසුතල නිර්මාණකරුවෙක් දරුවන් අපයෝජනය කරලා

අසංක

අසංක

  • සැකකරු ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයෙක්
  • වීඩියෝ අන්තර්ජාලයටත් මුදාහැරලා

 

 

ළමුන් අපයෝජනය කර ඒවායෙහි වීඩියෝ අන්තර්ජාලයට දැමූ ළමා රියටැලි වැඩසටහන්වල පසුතල නිර්මාණ ශිල්පියෙකු පන්නිපිටියේ පිහිටි නිවසේදී ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ අපයෝජනයට ලක්වූ දරුවන් පිළියන්දල, පන්නිපිටිය, මහරගම ආදී ප්‍රදේශවල අය බවද හදුනාගෙන ඇත.

මෙම ඡවාරම කලක් තිස්සේ කර ඇතැයි හෙළිව ඇත.

ඊයේ (25) රාත්‍රියේ සැකකරු අත්අඩංගුවට ගන්නා විට නිවසේ තිබී ළමුන් අපයෝජනය කිරීම් ඇතුලත් වීඩියෝ දර්ශන විශාල ප්‍රමාණයක් සොයා ගැනීමටද පොලිස් කණ්ඩායමට හැතියාව ලැබී තිබේ.

එම පුද්ගලයා කුඩා කණ්ඩායම් හා නිවසට ගෙන්වා පවත්වන උපකාරක පංති ගුරුවරයෙක් ලෙසද කටයුතු කරන්නෙකි.

එම පුද්ගලයා ඉංග්‍රීසි භාෂාව දරුවන්ට ඉගැන්වූවත් ඔහුට ඒ සම්බන්ධයෙන් නිසි අධ්‍යාපනයක්ද නොමැති අයෙක් බව අනාවරණය වී තිබේ.

සැකකරු ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්වද අපයෝජනයට ලක්කර ඇත.

ඊට අදාල වීඩියෝ දර්ශන රාශියක් සොයාගෙන ඇති බවත් පොලීසිය කියයි.

මෙසේ ඔහු අපයෝජනයට ලක්කර ඇත්තේ තමාගේ උපකාරක පංතියට සහභාගිවූ දරුවන් බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මුලින්ම ඔහු දරුවන්ට පාසල් ඇදුමක් අන්දවා එය වීඩියෝ කර අනතුරුව අපයෝජනයට ලක්කරන බවත් ඒ සියල්ලක්ම ඔහු වීඩියෝ ගත කර ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

රටේ ප්‍රධාන පෙලේ පාසල් කිහිපයකම නිල ඇදුම්වලට සමාන ඇදුම් සහ නිල ඇදුම්වලට අල්ලන බැජ් රැසක්ද සැකකරුගේ නිවසේ තිබී පොලීසියට හමුවී ඇත.

දරුවන් අපයෝජනය කිරීමට පෙර ඔහු විසින් එම දරුවන්ට දන්දවන පාසල් නිල ඇදුමට මේ එක් එක් පාසල්වල බැජ් අලවා එම දරුවන් ප්‍රධාන පාසල්වල දරුවන් ලෙස ඇඟවීමට උත්සහයක නිරතව ඇත්ද යන. සැකයක්ද විමර්ශකයන්ට ඇතිවී තිබේ.

මෙම පුද්ගලයා වයස අවුරුදු 45 ක පමණ අයෙකි.

ඔහු සිය බිරිදගෙන් වෙන්ව ජීවත් වන අයෙක් බවත් විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සදහන්කර ඇත්තේ තමන් දරුවන් සමග සිටින කිසිදු වීඩියෝවක් අන්තර්ජාලයට එක් නොකළ බවය.

තමා සතුව තිබුණු වීඩියෝ රැසක් අඩංගු පෙන්ඩ්‍රයිව් එකක් අස්ථානගතවූ බවත් එම පෙන්ඩ්‍රයිව් එක හමුවූ අයෙක් එය අනත්ර්ජාලයට යොමුකර ඇති බවත් සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.

එහෙත් ඒ පිළිබඳ විමර්ශන අංශ සැක පළකරයි.

මේ පුද්ගලයා නිවෙස්වලට ගොස් කණ්ඩායම් වශයෙන් උප්කාරක පංති පවත්වන අයෙක් බවත් ඊට අමතරව පන්නිපිටියේ නිවසේදීද කුඩා කණ්ඩායම් පංති පවත්වන බවත් අනාවරණය වී ඇත.

තමාගෙන් අධ්‍යාපනය ලැබීමට පැමිණි දරුවන් අපයෝජනයට ලක්කරමින් වීඩියෝගත කර ඇත්තේ ඔහු පදිංචි නිවසේදී බවද අනාවරණය වී තිබේ.

මාතර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය වන වරුණි බෝගහවත්ත මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි