නවතම පුවත්

මැතිවරණ විද්‍යුත් ක්‍රමයට පැවැත්විය යුතු කාලය ඇවිල්ලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉදිරි මැතිවරණ විද්‍යුත් ඡන්ද ක්‍රමයකට යා යුතු කාලය එළඹ ඇති බව පෙන්වා දුන් මහින්ද දේශප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ලැබී තිබෙන බවද සදහන් කළේය. 2017 වසරේ පළාත් සභා මැතිවරණයේදී එය නියමු ව්‍යාපෘතියක් ලෙසක්‍රියාත්මකකිරීමට බලා පෙරොත්තු වූ බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසම් සභාවේ ශ්‍රවනාගාරයේදී ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සභාපතිවරයා ඒ බව සදහන් කළේය. 

එහිදි වැඩිදුරටත් විද්‍යුත් ඡන්ද ක්‍රමය පැහැදිලි කල මැතිවරණ කොමසාරිස්වරයා

විද්‍යුත් ඡන්ද ක්‍රමයට යාමේදි  දැනට පවතින ඡන්දප්‍රකාශ කිරීමේ නීතියට කරන්නට ඇත්තේ “ඡන්දය සලකුණු කිරීමේ යන්ත්‍ර යේ බොත්තම ඔබා ඡන්දය ප්‍රකාශ කළ යුතු “ යැයි පුංචි වෙනසක් පමණක් බවද ඔහු කීය. “ස්මාට් ෆොන් එකක් ඔස්සේ ඡන්දය ප්‍රකාශ කරන ක්‍රමයක් අපේ අයෙක් ඉදිරිපත් කරල තියෙනව“ යැයි ද පැවසූ ඒ මහතා වඩාත් සුදුසු යැයි තමා විශ්වාස කරන්නේ ඉන්දියානු ක්‍රමය බවද කීය. විද්‍යුත් ඡන්ද ක්‍රමය ඉදිරියේදී පැවැත්වෙන ඡනාධිපචිවරණයේදීත්, පළාත්සභා මැතිවරණයේදීත්, පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ක්‍රියාත්මකකරන්නට හැකිවේවි යැයි බලා පොරොත්තු විය නොහැකි බවද ඔහු සදහන් කළේය. එහෙත් ඉදිරි මැතිවරණ වලදී නියමු ව්‍යාපෘතියක් ලෙස විද්‍යුත්ඡන්ද ප්‍රකාශ කිරීමේ යන්ත්‍රයක් යෙදීමට බලා පොරොත්තු වන බවද මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේය. එම යන්ත්‍රය යොදාගත්තේ යැයි කියා දැනට පවතින ක්‍රමයට ඡන්දය ප්‍රකාශ කිරීමේ වෙනසක් සිදුනොවන බවද ඔහු අවධාරණය කළේය. ඒ සම්බන්ධයෙන් තීරණයකට කොමිසම එළඹි ඇති බවද ඔහු පැවැසීය. 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි