විශේෂාංග

Share now!


බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ආනයනය කර, දැනට කොළඹ වරායේ සහ කටුනායක හේලිස් ෆ්‍රී සෝන් සමාගම් පරිශ්‍රයේ රඳවා ඇති අපද්‍රව්‍ය බහාලුම් තොගය පිළිබඳව මේ වන විට රට තුල දැඩි ආන්දෝලනයක් හා කතාබහක් මතුව ඇත.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි , මෙම අපද්‍රව්‍ය ආනයනය කිරිම සම්බන්ධයෙන්ද අපේ රටේ වගකිව යුත්තන්, බලධාරීන්නම් සිටිනුයේ එකිනෙකාට චෝදනා කරගනිමින්ය.

අවම වශයෙන් මෙම බහාලුම් වල සායනික අපද්‍රව්‍ය සහ ජීවවිද්‍යාත්මක අපද්‍රවය තිබේද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා රසපරීක්ෂක වාර්තාව කැඳවීමට හෝ රජය මෙතෙක් නිසි පියවර ගෙන නොමැත.

නමුත් මෙම බහාලුම් වල මිනිස් ශරීර කොටස් සහ අවයව ඇත්දැයි සෙවීමට බ්‍රිතාන්‍ය රජය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය වෙබ් අඩවියක් වන The Telegraph සඳහන් කර ඇත. මේ හරහාද පැහැදිලි වන්නේ අපේ රටේ බලධාරීන්ගේ නොහැකියාව, හා නොසැලකිල්ල නොවේද ? .

රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා මේ වනතෙක් මෙම කුණු තොගය පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැතිවීමද පුදුමයකට කරුණකි.

ආන්දෝලනයට තුඩු දෙන මෙම අපද්‍රව්‍ය 2017 වර්ෂයේ සැප්තැම්බර් මස සිට 2018 වර්ෂයේ මාර්තු දක්වා අතර කාලය තුළදී බහාලුම් 241ක් මගින් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බව දැනට අනාවරණ වී ඇත.

එම බහාලුම් 241න් 130ක් වරායෙන් නිෂ්කාෂණය කොට කටුනායක පිහිටි හේලීස් ෆ්‍රී සෝන් සමාගම්පරිශ්‍රයේ රඳවා ඇති අතර ඉතිරි බහාලුම් 111 කොළඹ වරායේ අංගන තුනක රඳවා ඇත.

ජාතික පාරිසරික පනතට අනුව විදේශයෙන් මෙරටට කසල ආනයනය කිරිම සපුරා තහනම්වේ. එසේම මධ්‍යම පරිසර අධිකාරිය කියා සිටින්නේ මෙම බහාලුම් තුළ රසායනික සහ වෙනත් අපද්‍රව්‍ය පුරවා තිබෙන බවකි.

එය ජාත්‍යන්තර සම්මුති නොසලකා කටයුතු කිරීමක් ලෙසද සැලකිය හැක, ජාත්‍යන්තර සම්මුතියට අනුව මේ ආකාරයට එක් රටකින් වෙනත් රටකට උපද්‍රවකාරී අපද්‍රව්‍ය (hazardous waste) යැවීම නීති විරෝධීය.

ඒ සඳහා ඇති එකඟතාව බාසල් සම්මුතිය ලෙස හැඳින්වේ. ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය ද එම සම්මුතියට අත්සන් තබා ඇත..සිලෝන් මෙටල් ප්‍රොසෙසිං පෞද්ගලික සමාගම මේ සියලු බහාලුම්වල ආනයනකරු ලෙස රේගුව මේ වනවිට හඳුනාගෙන ඇත. රේගු විමර්ශන නිලධාරීන් මේ වනවිට එම සමාගමේ හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඒ අනුව මෙම අපද්‍රව්‍ය ආනයනය කිරිම සම්බන්ධයෙන් දැනට බොහෝ දුරට චෝදනා එල්ලවි ඇත්තේ හේලීස් ෆ්‍රී සෝන් ආයතනයට

එම චෝදනා වන්ට පිළිතුරු ලෙස හේලීස් ෆ්‍රී සෝන් ආයතනය අවධාරණය කර සිටින්නේ වරායේ තිබෙන අදාළ බහාලුම්වලට තම ආයතනයේ සම්බන්ධයක් නැති බවයි . එසේම ඔවුන් පවසන්නේ තමන් ආනයන අපනයන සමාගම් සඳහා පහසුකම් සපයන්නෙකු ලෙස පමණක් ක්‍රියා කරන බවකි.

නමුත් ගැටලුව වන්නේ මේම අපද්‍රවය එකලස් කිරීමට , අවශ්‍ය භෞතික සම්පත, මානව සම්පත හෝ තාක්ෂණය හේලීස් ෆ්‍රී සෝන් සමාගමට නොමැතිවීමයි . එම සමාගමට මෙවැනි සායනික අපද්‍රව්‍ය එකලස් කිරීමේ කාර්යයෙහි යෙදීමට පවා පාරිසරික බලපත්‍රයක් නැත.

සායනික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට පාරසරික අනපනත් වලට එරෙහි නම්, ඒවා මෙරටට ආනයනය කර ඇත්තේ කෙලෙසින්ද යන ගැටලුව මෙහිදී මතුවේ.

ඊට පිළිතුර ඇත්තේ 2012 වසරේ සම්මත කල මුදල් පනත් සංශෝධනයක් තුලය .

එම සංශෝධන අනුව ප්‍රති අපනයනය සඳහා භාණ්ඩ ආනයනය කිරීමේදී රේගු ආඥා පනත, විනිමය පාලන පනත හා ආනයන, අපනයන පාලන පනත බල නොපැවැත්වෙන අතර ඒ පිළිබඳ ක්‍රියාවලිය සිදුවන්නේ ආයෝජන මණ්ඩලය හරහාය. එපමණක් නොව 2013 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයක් අනුව කටුනායක අපනයන සැකසුම් කලාපය, නිදහස් කලාපයක් (Bonded area) ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි.

මුදල් පනතේ ප්‍රතිපාදන අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ ආයතනයක් සමග එක්ව මෙවැනි අපද්‍රවය ආනයනය කිරේම සඳහා ගිවිසුම් අත්සන් කිරීමේ හැකියාව වෙනත් ඕනෑම ලැබේ . එම ප්‍රතිපාදන වලින් ප්‍රයෝජන ගනිමින් හේලීස් ෆ්‍රී සෝන් ආයතනය, භාණ්ඩ ලබන්නා (consignee) ලෙස පෙනීසිටිමින් අදාළ බහාලුම් තොග සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බව මේ වනවිට අනාවරණය වෙමින් පවතී .

වරායේ නිෂ්කාෂණය නොකළ බහාලුම් 111 පිළිබඳව ශ්‍රී ලංකා රේගුවට ලැබුණු රහසිගත තොරතුරක් අනුව පසුගිය මැයි මාසයේදී ඒ පිළිබඳව පරීක්ෂණ ඇරඹිණි.වරායෙන් පිටතට ගෙන ගොස් ඇති බහාලුම් 10ක් ඒ ආකාරයටම ප්‍රති අපනයන කර තිබෙන බව ද පරීක්ෂණවලදී අනාවරණය විය

බහාලුම්වල තිබු භාවිත කරන ලද මෙට්ටවලින් ඉවත් කළ යකඩ අසුරන ලද බහාලුම් කිහිපයක් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

එම බහාලුම් සැකසීම සඳහා, ශ්‍රී ලංකාවට ගෙනෙන ලද බහාලුම් තොගයෙන් බහාලුම් 30ක පමණ තිබු ද්‍රව්‍ය යොදා ගත් බව හේලීස් ෆ්‍රී සෝන් ආයතනය රේගුව වෙත දැනුම් දී ඇති බවටද සාක්ෂි ඇත.

එම සමාගමේ සියලු නිෂ්කාෂණ කටයුතු කෙරෙන්නේ ආයෝජන මණ්ඩලය හරහා වන බැවින්. රේගුවට ඒවා පරීකෂා කිරීමේ හැකියාව නොලැබී යයි. ඒ අනුව භාවිත කරන ලද මෙට්ටවල අඩංගු යකඩ ලබා ගැනීමට යැයි පෙන්වා දෙමින් මෙම අප ද්‍රව්‍ය සුක්ෂමව ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කර සිටී . නමුත් මෙහිදී ඇතැම් පාර්ශව චෝදනා කර සිටින්නේ මෙහිදී රේගුවද තම කාර්ය භාරය නිසිලෙස සම්පූර්ණ කර නොමැති බවකි. පාර්ශව කිහිපයක් එක්ව නීතය අකර්මන්‍ය කිරීමක් සිදුකර ඇති බවත්, එහිදී නීතිය විකෘතිවීමේ ප්‍රතිපලය මත මෙම විනාශය සිදුව ඇති බවත් පාරසරික නීති වේදීහු පවසති.

බලවත් රටවල් බොහොමයක් තම අපද්‍රවය අපනයනය කිරිම සිදු කරනු ලබන්නේ නීතිය දුර්වල සහ නීතියෙන් රිංගා යාමට හැකි අප වැනි කුඩා රටවල් වලටය. එය අද ඊයේ සිට සිදුවන දෙයක් නොවේ.

වැරදි කරුවන් කවුරුදැයි තර්ක විතර්ක කිරීම මදකට පසෙකලා සිදුව ඇත්තේ කුමක්දැයි සරලව හා සැකෙවින් පැවසුවොත් එය මෙසේය ,

පාවිච්චි කරන ලද මෙට්ට ලෙස දක්වා යම්කිසි අපද්‍රව්‍ය වගයක් ලංකාවට ගෙනැවිත් ඇත .ඒවා සායනික, රසායනික අපද්‍රවය බවටද අනාවරණය වෙමින් ඇත.
මිනිසාට හා පරිසරයට අතිශය අහිතකර මෙම අපද්‍රවය මෙසේ ගෙන්වීම සඳහා මෙරට කිසිදු ආයතනයක් නිසි අවසරයක්ද ලබාගෙන නොමැත .

හේලීස් ෆ්‍රී සෝන් පරිශ්‍රය තුළ වර්ග අඩි 50,000ක පමණ වපසරියක මෙම අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 27,685ක් ගොඩ ගසා ඇති අතර ඒවා මේ වනවිටත් පරිසරයට නිරාවරණය වී පවතී.

මෙම කුණු ප්‍රශ්නයත් පාස්කු ප්‍රහාරය වැනිය. විශාල වරදක් සිදුව ඇත. නමුත් වරදකරුවෙකු නිශ්චිතව හඳුනාගැනීමට නොහැක. මෙම තත්වය රටේ ඉදිරිගමනට ඉතා අයහපත්ය.

මධ්‍යම පරිසර අධිකාරිය මෙන්ම මුදල් ඇමැතිවරයාද මේ වනවිට අවධාරණය කරමින් සිටින්නේ එම අපද්‍රව්‍ය තොගය හැකි ඉක්මනින් අපනයනය කළ රටට ම යැවිය යුතු බවකි. නමුත් එය ප්‍රමාණවත් නොවේ.

මෙවැනි විනාෂාකාරී ක්‍රියාවන් සිදුකරන , ආයතන හා පුද්ගලයින් සොයා , තරාතිරම නොබලා දඩුවම් කලයුතුය . ජනතාව රජයකින් බලාපොරොත්තුවන්නේ එවන් යුක්තිය පසිඳලීමේ ක්රියාවලික්ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment