නවතම පුවත්

ලෝක කායවර්ධන ශූරතාවය දිනූ ආසියාවේ කලු සිංහයා ලංකාවට

Roshan

Roshan

10 වන ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් , එම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව ඊයේ (18) දින රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .

මෙම තරගාවලිය 12/14 සිට 12/16 දින දක්වා තායිලන්තයේ “චියන්මායි ” හී දී රටවල් 52 ක ලෝකයේ මුල් පෙළේ ක්‍රීඩකයන් 600 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී එම සියලු ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් කිලෝ ග්රැම් 100 ට වැඩි බර පංතිය යටතේ තරග වැදුන ” ආසියාවේ කලු සිංහයා ” යන විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාජ් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමි කරගෙන තිබුණි . එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු සිදු කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි .

මෙම ජයග්‍රහණය වෙනුවෙන් ඔහු ලද කුසලාන සහ රන් පදක්කම් රැගෙන 12/18 දින රාත්‍රී 10.50 ට තායිලන්තයේ බැංකොක් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ලූෂන් පුෂ්පරාජ් පිළිගැනීමට ඔහුගේ ආදරණීය බිරිඳ , දරුවා , මව්පියන් , නෑදෑ හිතවතුන් , ශ්‍රී ලංකාවේ කායවර්ධන ක්‍රීඩකයන් , ශ්‍රී ලංකා කායවර්ධන ක්‍රිඩා සම්මේලන වල නිලධාරීන් මෙන්ම , ශ්‍රී ලංකාවේ ලෝක මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව මහතා ද කටුනායක ගුවන් තොටුපළ ” සිල්ක් රූට් ” විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ , අති උත්කර්ෂවත් ලෙස පිළි ගනු ලැබීය.

(කටුනායක ටී.කේ.ජී.කපිල )

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?