නවතම පුවත්

සොබා දහමේ නියමයට යටත් වූ ඇත් රජු නැදුන්ගමුව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර ආරම්භ වීමට ඇත්තේ තවත් දින 4 ක් පමණි. මෙවර ද පෙරහැර නැරඹීමට පැමිණෙනු ලබන හා , පෙරහැර බලන බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව නැදුන්ගමුව රාජා ඇතු සදාතුක කරඩුව වැඩමවීම දැක බලා ගැනීමයි. නමුත් මෙවරද දළදා කරඩුව වඩම්මන ප්‍රධාන ඇත් රජු වන නැදුන්ගමුව රාජා ඇතු පෙරහර සදහා සහභාගී නොවන පුවතයි.එයට හේතුව නම් මේ වන විටනැදුන්ගමුවේ රාජා ඇතාගේ දෙවන මද කාලය ආරම්භ වී තිබීමයි. 
පරිනත සෑම පිරිමි අලියෙකුට හෝ ඇතෙකුටම වසරකට වරක් ස්වභාවිකව ඇති වන ක්‍රියාවලියක් වන මද කිපීම හෙවත් කම්බුල් තෙමිමට රාජා මේ වනවිට පත්වී සිටි. මද කිපිමට ලක්වන හස්තියෙක් ගේ ගතිගුණ විශාල වශයෙන් වෙනස්වීමකට ලක් වන අතර මේ නිසා අලි ඇතුන් දරුණු හා මුරණ්ඩු බවට පත්වේ. මද කිපීම පහසුවෙන් හදුනා ගත හැකි ලක්ෂණය වන්නේ ඇසට පිටුපසින් පිහිටා ඇති ග්‍රන්ථියකින් ශ්‍රාවයක් ගැලීමට ආරම්භ වීමයි, මෙය ස්වභාවික සිදුවීමක් වන අතර අලියාගේ වයස සෞඛ්‍ය තත්වය මත මද කිපිමේ කාල සිමාව මාසයක සිට මාස හයක් වැනි කාල සීමාවක් දක්වා වෙනස් විය හැක.
සාමාන්‍යයෙන් නැදුන්ගමුවේ රාජා හස්තියා වසරේ මෙම කාලයේ මදකිපිමට ලක් නොවේ නමුත් මෙම වසරේ රාජාද ඇතුළුව බොහොමයක් අලි ඇතුන්ගේ මද කිපිමේ සමයේ වෙනස්කම් සිදු වී තිබේ. මෙම වෙනස් වීමට දේශගුණයේ ඇති වූ යම් යම් වෙනස් වීමක් හේතු වන්නට ඇති බව අපගේ නිගමනයයි.
පසුගිය දින වල බොහෝ මාධ්‍ය වාර්තා කොට සිටියේ නැදුම්ගමුවේ රාජා අසනීප තතත්වයක් මත මහනුවර ඇසල පෙරහර මංගල්‍යයට සහභාගී නොවන බවයි. එය සාවද්‍ය ප්‍රකාශයක් වන අතර මෙය සම්පුර්ණයෙන්ම ස්වභාවික ක්‍රියාවලියකි. අලි ඇතුන්ට මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් වේ. වයස අවුරුදු 68 පමණ වන නැදුන්ගමුවේ ඇතු වසරේ දෙවන වතාවට ත් මේ තත්ත්වයට පත් වීම ඇතු එක් පසකිනි තවමත් ඉතා හොද නිරෝගී තත්ත්වයකින් පසු වනවා යැයි අපට සිතිය හැකිය.
නැදුන්ගමුව ඇත් රජු 2005 වර්ෂයේ සිට 2016 වසර දක්වාම නොකඩවා පෙරහැරට සම්බන්ධ විය. නමුත් 2017 වසරේ ද මෙවැනිම තත්ත්වයක් හමුවේ ඇතුට මහනුවරට පැමිණට නොහැකි විය. 2017 වසරේ රුහුණු කතරගම දේවාලයේ වාසනා ඇතුටද පෙරහැරට සම්බන්ධ වීමට අවකාශය නොලැබුණේ ඒ කාලයේම රුහුණු කතරගම දේවාලයේ පෙරහැර යෙදී තිබීම හේතුවෙන්‍ ය. මේ නිසා 2017 වසරේ වසර 11 කට පසු ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ නායකයා වන ඉන්දි රාජා ඇතුට දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහරේ සදාතුක කරඩුව වැඩමවීමේ භාගය හිමි විය.
2018 වසරේ නැවත සුපුරුදු පරිදි නැදුන්ගමුවේ ඇතු මහනුවර පෙරහැරට සම්බන්ධ වුවත් , පෙරහැර අවසානයේ බොහෝ දෙනා 2019 වසරේත් ඇතුට නුවර බලා එන්න කියා සිදුකල ප්‍රාර්ථනාවනම් ඉටු කිරීමට නොහැකි වන බව සදහන් කරන්නට වෙන්නේ බොහෝ කණගාටුවෙනි.
නැදුන්ගමුව ඇතු නොපැමිණීම හේතු කොටගෙන මෙවර පෙරහරේ සදාතුක කරඩුව වැඩමවීමේ කාර්ය සදහා වඩැ අවස්ථාව ක් හිමි වන ඇතුන් ලෙස 
ශ්‍රී දළදා මාලිගාවේ නායකයා වන ඉන්දි රාජා ඇතු
රුහුණු කතරගම දේවාලයේ වාසනා ඇතු
ශ්‍රී දළදා මාලිගාවේ සිංහ රාජා ඇතු
මිල්ලන්ගොඩ ජයන්ති ‘ පොඩි රාජා ( 2018 වසරේ අවස්ථාවක් හිමි වූවේ නම් නැත.) නම් කිරීමට හැකිය.
එමෙනම මෙවර වසරේ වැඩිම කාලයක් මද කිපීමට ලක් වෙන කැළණිය රජ මහා විහාරස්ථානයේ කණ්ඩුල හස්තියා ගේ මද කාලය සුව වී ඇති නිසා වසර 05 කට පමණ පසු ඇතු මෙවර මහනුවර දළදා පෙරහැරට සම්බන්ධ වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත. මේ ඇතු මීට පෙර මහනුවර දළදා පෙරහරේ පෙරමුණේ ඇත්කු ලෙස ගමන් කර ඇතත් , දළදා කරඩුව වඩම්මන ඇතකු ලෙස හෝ දෑල ඇත්කු ලෙස සම්බන්ධ වීමට අවකාශය හිමි වී නැත.

මේ වනවිට නැදුන්ගමුවේ රාජා පිළියන්දල ශ්‍රී ධර්ම ශ්‍රාස්ත්‍රෝදය පිරිවෙන් විහාරස්ථානයේ මද කාලය ගෙවා දමමින් සිටින අතර රාජාගේ සෙවනැල්ල බදු කොඩිතුවක්කු මාමා හෙවත් කළු මාමා රාජාගේ සියලු අවශ්‍යතා සපුරමින් සිටී.
නැදුන්ගමුවේ රාජාගේ මද කාලය ඉක්මනින් අවසන් වී සාමාන්‍ය චර්යා රටාවට පත්වේවා යන්න අපෙගේ ඒකායන ප්‍රර්ථනාවයි එමෙන්ම ලබන පෙරහර සමයේ මෙවන් අනපේක්‍ෂිත මදකිපිමේ තත්වයකට රාජා පත්නොවනු ඇතැයි අප මෙන්ම සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුවයි.

කෙසේ වෙතත් ද කලම්බෝ එක්ස්ප්‍රස් අප ප්‍රාර්ථනා කරන්නේ ප්‍රෞඪයෙන් ඇත් කුල පතාකය නැදුන්ගමුව ඇතුට ඉක්මන් සුවය ලැබෙන්නට කියාය.
ඇත් රජුණි ඔබට දීඝායු…
දළදා සමිදු පිහිටයි…
ඡායාරුප Chamara Fernando / සටහන Voice For Elephants Sri Lanka

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී