නවතම පුවත්

පොලීසියේ අවි වික්ක හිටපු OICට අපේක්ෂිත ඇප

අසංක

අසංක

තණමල්විල පොලීසියේ අවි ගබඩාවෙන් ටී56 ගිනි අවි 2ක් සොරාගෙන ඒවා ගංජා ජාවාරම්කරුවෙකුට අලෙවි කළ විශ්‍රාමික පොලිස් ස්ථානාධිපතිවරයකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සූදානම් වී තිබේ.

මේ බව සැළවූ එම විශ්‍රාමික ස්ථානාධිපතිවරයා අපේක්ෂිත ඇපයක් මත අධිකරණයට භාරවී ඇත.

මෙම ගිනි අවි සොරකම සිදුව ඇත්තේ 2004ත් 2005ත් අතර කාලයේදීය.

ටී56 ගිනි අවි දෙකක් මෙලෙස සොරාගෙන රු. 60000කට අලෙවි කර ඇත.

මෙම සොරකම වනවිට තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙක් වූ මොහු සිරිපාල නමැත්තෙකි.

අලෙවි කළ ගිනි අවි දෙකෙන් එකක් රහස් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

මෙම සොරකමට ග්‍රාමාරක්ෂක නිලධාරියකු ද සම්බන්ධ වී ඇත.

ඔහු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

අවි මිලදී ගත් ගංජා හේන් ජාවාරම්කරු,එවකට ආණ්ඩුවේ සිටි ප්‍රබල දේශපාලකයකුගේ සමීප ආධාරකරුවෙක් ලෙස ද හඳුනාගෙන තිබේ.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි