පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරු සහ පොලිස් අධිකාරිවරු ඇතුළු ඉහළ නිළධාරීන් රැසකට ඉදිරි පැය 48 ඇතුලත ස්ථාන මාරු නියෝගයක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.
එම ස්ථානමාරු නියෝග අතර කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් අධිකාරිවරයාද සිටින බව සදහන් වේ
නමුත් ඔවුන් දෙදෙනාට මෙම අවස්ථාවේ ස්ථාන මාරු ලබාදීමට ජාතික පොලිස් කොමිසම විරෝධය පල කර ඇත. එයට හේතු වී ඇත්තේ වෛද්‍ය ෂාෆිගේ කාරණය මත ජනතා විරෝධයක් එල්ල විමට ඉඩ ඇති බැවිනි එම ස්ථාන මාරුව මෙම අවස්ථාවේ ඔවුන් දෙදෙනාට ලබා නොදීමට බොහෝ විට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග වලින් thecolomboexpress.com අපට වාර්තා වේ.
සෙසු අනිකුත් සථාන මාරු සියල්ලම අනිවාර්යෙන්ම සිදුවන බව ආරංචිමාර්ග අනාවරණය කලේය