නවතම පුවත්

නවසීලන්ත කණ්ඩායම වසර 06 ට පසු ශ්‍රී ලංකාවේ සංචාරයක

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ ප්‍රථමයෙන් පැවැත්වීමට නියමිතව තිබූ තරග කාල සටහනෙහි යම් වෙනසක් සිදු කරමින් කොළඹ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි/20 තරග පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය වෙත රැගෙන යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි/20 තරගාවලියේ සියළුම තරගය මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ඒ සඳහා වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02 දා) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුතු නවසීලන්ත කණ්ඩායම ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වේ.  

නවසීලන්ත පිල මෙම තරගාවලියට අවතීර්ණ වන්නේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් රටවල් වර්ගීකරණයට අනුව දෙවැනි ස්ථානයේ සිට වන අතර ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමෙහි හයවැනි ස්ථානයේ සිට තරග වදිනු ඇත. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්තය තරග වදිනු ලබන පළමු ටෙස්ට් තරගාවලිය බවට පත්ව තිබෙන මෙම තරගාවලියෙන් පසු දෙරට අතර විස්සයි/20 තරගාවලිය ඇරඹෙනු ඇත.

ටෙස්ට් තරගාවලියට ප්‍රථම නවසීලන්ත පිල තුන්දින පුහුණු තරගයකට සහභාගිවන අතර එම තරගය ලබන 8 වැනිදා සිට 10 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රීඩා සමාජ පිටියේදී පැවැත්වෙනු ඇත.

තරගාවලියට ඇතුළත්ව තිබෙන තරග 3 කින් සමන්විත විස්සයි/20 තරගාවලියේ සියළුම තරග ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට මහනුවර පල්ලකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විස්සයි/20 රටවල් ශ්‍රේණිගත කිරීමට අනුව නවසීලන්තය හය වැනි ස්ථානයේ සිටත් ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටත් තරග වදිනු ඇත. විස්සයි/20 තරගාවලියට ප්‍රථම නවසීලන්ත කණ්ඩායම ලබන 29 වැනිදා විස්සයි/20 පුහුණු තරගයකට සහභාගිවීමට නියමිත අතර එම තරග හලාවත ක්‍රීඩා සමාජ පිටියේදීම පැවැත්වේ.

  නව තරග කාලසටහන  
දිනය තරගය ක්‍රීඩාංගණය
අගෝස්තු 8-10 තුන් දින පුහුණු තරගය හලාවත ක්‍රීඩා සමාජ පිටිය
අගෝස්තු 14-18 පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
අගෝස්තු 22-26 දෙවැනි ටෙස්ට් තරගය පී. සරා ක්‍රීඩාංගණය
අගෝස්තු 29 විස්සයි/20 පුහුණු තරගය හලාවත ක්‍රීඩා සමාජ පිටිය
සැප්තැම්බර් 01 පළමු විස්සයි/20 තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
සැප්තැම්බර් 03 දෙවැනි විස්සයි/20 තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
සැප්තැම්බර් 06 තෙවැනි විස්සයි/20 තරගය පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි