නවතම පුවත්

අවුරුදු හතේ ඔස්ට්‍රේලියා නායකයාගෙන් කණ්ඩායමට උපදෙස්

Roshan

Roshan

හදවත් රෝගයකින් පෙළෙන ඔස්ට්‍රේලියානු හත් හැවැරිදි ආකි ස්චිලර්ගේ සිහිනය අද යථාර්තයක් බවට පත්විය. ඒ ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ  මෙල්බර්න් පිටියේදී පැවැතිවෙන බොක්සිං දින ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙස ඔහු කටයුතු කරන හෙයිනි. 

ආකිගේ සිහිනය වී තිබුණේ කෙදිනක හෝ ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වීමයි. ඒ අනුව ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ඔහුගේ සිහිනය අද යථාර්තකයක් බවට පත්කළේය. තරගයේ කාසියේ වාසිය දැමීමේ අවස්ථාවට ඔහු ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙසින් එක්විය.

කෙසේ වෙතත් ඉන්දීය නායක විරාත් කෝලි කාසියේ වාසිය දිනාගනිමින් මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඉන් අනතුරුව මාධ්‍ය ඇමතූ ඔස්ට්‍රේලියානු නායක ටිම් පයිනේ පැවැසුවේ තම සම නායකයාට අවශ්‍ය වී  තිබුණේ මුලින්ම පන්දුවට පහරදීමට බවයි. කෙසේ වෙතත් මෙල්බර් පිටියේ වෙනසක් දකින හෙයින් තමන්ට මුලින්ම පන්දු යැවීමට අවස්ථාව ලැබීම වාසියක් බව ඔහු සඳහන් කළේය.

ඉන් අනතරුව මාධ්‍ය ඇමතූ ආකි තම කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පැවැසුවේ ‘හයේ ඒවා ගහලා කඩුලු ගන්න’ ලෙසයි. මෙම තරගයේදී ආකි වෙනුවෙන් ඔස්ට්‍රේලියාව විශේෂිත ටෙස්ට් හිස් වැසුමක්ද ලබාදුන්නේය.  

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි