නවතම පුවත්

කැනඩාවේ ඔන්ටාරියෝ හෙල්ලූ යාපනයේ ඇල්ෆ්‍රඩ් දුරෙයි අප්පාගේ මුණුබුරා ගැන නොදන්න කතාවක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කැනඩා ඉතිහාසය අලුත් කල නිශාන් දුරෙයිඅප්පා ගැන නොදන්නා කතාවක් ” ගාන්ධි ” ඔන්ටාරියෝ සිට thecolomboexpress.com වෙත ලියයි.

කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්ත ඉතිහාසයේ පළමු වතාවට දකුණු ආසියානුවකුට පොලිස් ප්‍රධානි තනතුරක් පිළිගන්වමින් ශ්‍රී ලාංකිකයකු වන නිශාන් දුරෙයිඅප්පා මහතා පීල් මහනගර සභා පොලිස්පති තනතුරට පත්කරගෙන තිබේ.

එමෙන්ම මෙය උතුරු අමෙරිකාවේ ඉහළ පොලිස් තනතුරකට පත්කෙරෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පළමු තැනැත්තා ද වනු ඇති බව එරට වාර්තා පවසයි.

ඔක්තෝබර් 01 වැනි දා සිට ඔහු පීල්හි පොලිස්පති ධුරයේ කටයුතු කරනු ඇත.

කුඩා කල කැනඩාවේ පදිංචියට ගිය නිශාන් හෙවත් නිෂ් තමන් සිහින මැවූ පොලිස් තනතුරට බැදෙන්නේ හෝල්ටන් පළාතට අනුයුක්තව ය.

‘නිෂ් කියන්නේ හෝල්ටන්හි සිටින තරුවක්. ඔහු මහජන ආරක්ෂාව ගැන බරපතළ විදියට හිතන කෙනෙක්. අති දක්ෂයෙක්’ යැයි පවසා තිබුණේ බ්‍රැම්ප්ටන්හි ප්‍රධාන මහේස්ත්‍රාත් පැට්‍රික් බ්‍රවුන් ය.

නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස නිෂ්ගේ කාර්යභාරය අතිවිශිෂ්ටයි. ජ්‍යෙෂ්ට නිලධාරියකු ලෙස ඔහු ගැන මට ආඩම්බරයි.’ මෙලෙස අදහස් දක්වා තිබුණේ පීල් පොලිස් සේවා මණ්ඩලයේ සභාපති නැන්ඩෝ ලැනිකා ය.

“මේ කතාව කොතනින් පටන් අරන් කොතනින් අවසන් කරන්නද කියා මා ඊයේ රාත්‍රියක් පුරාම කල්පනා කරත් මට ඒ සම්බන්ධයෙන් එකගතාවයකට එන්න සිතක් නොවීය.

මම මෙහෙම ලියන්නම්. නිශ් කැනඩාවට එන්නේ කුඩා කාලයේ. ඒ ලංකාවේ ඒ වෙද්දී තිබුණ යුධමය තත්ත්වයත් එක්කම තවත් ද්‍රවිඩ පිරිසක් එක්ක. එහෙම ආපු නිශ් අධ්‍යාපන කටයුතු ආරම්භ කරනවා. කොහොම හරි ඒ වෙනකොට කැනඩාවේ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ බහුතරයක් කැනඩාවේ හිටපු නිසාත් නිශ් ඇතුලු ලංකාවෙන් කැනඩාවට ආපු පිරිසට පුරවැසිභාවය හිමිවෙනවා.

පසල් කීපයකම අධ්‍යාපන ලබන නිශ් දරුවා පාසල් කාලයේ දීප්තිමත් සිසුවෙක් වෙනවා. කුඩා කාලයේ සිටම පොලිසිය ගැන අමුතුම ආසාවක් නිශ්ට තියනවා මම හිතන්නේ. නිශ් කැනඩාවට එනකොට ලංකාවේ තිබ්බ තත්වය වෙන්නත් පුලුවන්. කොහොම හරි නිශ් උසස් අධ්‍යාපනය නිමා කරනවා. මේ මම නිශ් ගැන අහලා දැනගත්ත කරුණු ටිකක්.

අපි ලංකාවෙන් කැනඩාවට යනකොට යුද්ධය නිසා එහේ තත්ත්වය හරිම නරකයි. ඇත්තටම කියනවා නම් අපි සිංහල කියලවත් කියන්න බෑ. ඇත්තම කතාව ඒකයි. කොහොම හරි අපි ඔන්ටාරියෝවල ඉගෙන ගන්න කාලේ මට මිතුරකුගේ මාර්ගයෙන් නිශ්ව මුණගැහෙනවා. හැම වෙලාවකම මුණ පුරා හිනාවක් තියන මේ ද්‍රවිඩ තරුණයා ගැන අපි හැමෝම බොහොම උනන්දුවෙන් බලාගෙන හිටියා. ඒ කාලේ රටේ තත්වය නිසා අපේ කණ්ඩායම ඉන්දියානුවන් විදියට තමයි හැමෝම දන්නේ. හැබැයි නිශ් අපිට මුණ්ගැහෙන වෙලාවට අපි බොහොම හිතවත්කිමින් ක්‍රීඩා කරනවා. නිශ් කියන්නෙ දක්ෂ ක්‍රීඩයෙක්. හරියටම කිව්වොත් ඕල් රවුන්ඩර් කෙනෙක්. කොහොම හෝ නිශ් අපිව දන්නේ ඉන්දියානුවන් විදියට නිසාත් අපි හිටියේ කැනඩාවේ LTTE ය බලවත් ප්‍රදේශයක නිසා අපි බොහොම කල්පනාවෙන් වැඩ කරේ.

ඉතිං අපි නිශ් එක්ක කතා බහ කරනවා. අපිට ඒ කවුද කියලා නිශ්ට හදුන්වා දෙන්න නොහැකි වුනත් අපි හොද යාළුවෝ වෙනවා. දවසක් අපි මේ විස්තර අහනගමන් නිශ් පුදුම හිතෙන කතාවක් කිව්ව. ගාන්ධි දන්නවාද මගේ සීයා කෙනෙක් තමයි ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා කියන්නෙ කිව්වා. මේ වෙලාවේ ඇත්තටම අපි තුශ්නිම්භූත වෙනවා. ඇත්තටම ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා කියන්නේ LTTE ත්‍රස්තවාදීන් විසින් යාපනයේදී ඝාතනය කල පළමු දේශපාලනඥයා වගේම, එතකොට ඔහු යාපනයේ නගරාධිපතිවරයා. දොරේ අප්පා නිශ්ට අනුව නම් දැන් අපි දකින ද්‍රවිඩ චිත්‍රපටයක අසාධාරණයට විරුද්ධව සටන් කල වීරෙයෙක්.

ඔහුව LTTE ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරේ අන්න ඒ නිසාමයි.

එතනින් ඒ කතාව අවසන් වුනා. මට තාම මතකයි ඒ කාලේ අපි අපේ නවාතැනට ඇවිල්ලා ඒ ගැන කතා කරා. ඒ අතර අපේ හිටපු මිත්‍රයෙක් නිශ් ගැන මෙහම අනාවැකියක් කිව්වා. මචං බලපං ඔයේ නිශ් කවදාහරි ලොකු තැනකට යනවා.  මිනිහට මාර ටාගට් එකක් තියෙන්නේ. අනික මිනිහා හරි දක්ෂයි කියලා. ඊට පස්සේ කාලයක්ම අපිට නිශ් මුණගැහෙනව. ඒ එක එක කටයුතු වලදී. ඒ හැමදේකදීම නිශ් මුල්තැනක් ගන්නවා. ඒ වගේම ඔහු නිර්භීත ශ්‍රී ලාංකිකයෙක්.

මේ විදියට කාලය ගෙවිලා යද්දී අපේ උසස් අධ්‍යාපන කටයුතු සජ විශ්ව විද්‍යාල ජීවිතය අවසන් වෙනවා. අපි දැනගත්තා ඒ කාලයේ නිශ් පොලිසියට එක්වුනා කියලා. ඊට පස්සේ ඒ පුහුණුව අතිවිශිෂ්ඨ ලෙස අවසන් කරා කියලාත් දැනගන්න ලැබෙනවා. ඒ වෙනකොට අපි කිලෝමීටර් දහස් ගණනාවක් දුරින් ඉන්නේ. මේ කාලයේ නිශ් තමන්ගේ ඉලක්කයට ගිහිල්ලා ඒ අභිමානවත් ශ්‍රීලාංකිකයකු ලෙස.

කැනඩාවේ හෝ උතුරු ඇමරිකාවේ මම දන්න තරමින් මේ වගේ උසස් තත්ත්වයට පත්වුන එකම නිළධාරියා නිශාන් දොරෙයිප්පා හෙවත් අපේ නිශ්.”

ඔහු ඔන්ටාරියෝ ප්‍රාන්තය පීල් පොලිස් ප්‍රධානියා ලෙස පත්වීම් ලබණු ඇත. එලෙසම මා ඉහත සදහන් කලා මෙන් දකුණු ආසියානුවෙකුට කැනඩාවේ පොලිසියේ ලැබුණු ඉහළම තනතුර මෙය වේ.

” ගාන්ධි ”

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?