නවතම පුවත්

වෙළද සේවා මළල ක්‍රිඩා තරගාවලියේ දී ලක්ෂාන්ට ශූරතා 2ක්

අසංක

අසංක

36 වන වෙළද සේවා මළල ක්‍රිඩා ශූරතාවලිය අගෝස්තු මස 10, 11 දිනයන්හි සුගතදාස ක්‍රිඩාංගණයේදී පැවැත්විනි. මෙම තරගාවලියේ
හෙල්ල විසිකිරීම හා කවපෙත්ත විසිකිරීම ඉසව් වලින් පළමු ස්ථානය හිමිකර ගැනීමට MAS හෝල්ඩින්ස්හි සේවය කරන ලක්ෂාන් ප්‍රනාන්දු සමත්වූ අතර, යගුලිය දැමීමේ ඉසව්වෙන්ද දෙවන ස්ථානය දිනා ගන්නා ලදී.

ලක්ෂාන් ප්‍රනාන්දු MAS හෝල්ඩින්ස් ආයතනයේ විධායක නිලධාරියකු ලෙස සේවය කරන අතර, මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි. එමෙන්ම සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි ධාරියෙකි. ඔහු පාසල් සමයේදී මළල ක්‍රීඩා තරගවලදී හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම හා කවපෙත්ත විසිකිරිම යන ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ රැසක් ලබමින් වාර්තා බිදහෙලා ඇත. සර් ජෝන් ටාබට් කුසලාසනය සදහා පැවැත්වෙන පාඨශාලාන්තර මළල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම හා කවපෙත්ත විසිකිරිම යන ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ඇති අතර, පාසැල් වර්ණලාභී ක්‍රීඩකයෙකි.

ජාත්‍යන්තර තරග වලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා තෝරාගත් මොහුට පාසැල් සමයේදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා වර්ණ ප්‍රධානය කර ඇත. ඔහු පාසලේදී මළල ක්‍රීඩා වාර්තා බිද දමමින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් 2010 වසරේදී මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ වසරේ
දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානයද දිනා ඇති අතර, එම වසරේදී පාසලේ මළල ක්‍රීඩා නායකයා ලෙසද කටයුතු කර ඇත. ඔහුගේ විශිෂ්ඨ ක්‍රිඩා කුසලතාවයන් ඇගයීමට ලක් කරමින් මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් පාසල් ක්‍රීඩකයෙකුට ලබාදෙන උසස්ම ප්‍රධානය
වන “ජොසපියන් බ්ලූ” සම්මානය එම වසරේදී ඔහුට ප්‍රධානය කර ඇත.

සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකුව සිටියදී හෙල්ල විසිකිරීම, යගුලිය දැමීම කවපෙත්ත විසිකිරිම යන මළල ක්‍රිඩා ඉසව් වලින් විශේෂ දක්ෂතා දක්වා ඇති අතර, එම වර්ෂ දෙකේදීද විශ්ව විද්‍යාලීය ක්‍රීඩා වර්ණ දිනා ගෙන ඇත. ලක්ෂාන් ප්‍රනාන්දු ගේ මළල ක්‍රීඩා පුහුණූකරු ලෙස පාසල් අවධියේ සිට මේ දක්වාම දිල්රුක් නිලන්ත මහතා කටයුතු කරයි.

ලක්ෂාන් ප්‍රනාන්දුගේ පියා වන රොෂාන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වන අතර, මේවන විට ඔහු දකුණු පළාත සහ සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරයි. ඒ මහතාද, කොළඹ රාජකීය විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ මළල ක්‍රීඩකයෙක් වන අතර, 1979 වර්ෂයේ පාසල් මළල ක්‍රීඩා නායකයා ලෙස කටයුතු කරමින් එම වසරේ පැවැත්වුණු සියලුම පාඨශාලාන්තර තරගවලදී පාසල ජයග්‍රාහී පාසල ලෙස පත් කිරීමට මෙහෙයවා ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී