නවතම පුවත්

කන්ටේනර් රියදුරන් රේගු වර්ජනයට එක්වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

රේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගයක් වශයෙන් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියැදුරන් හා රේගු නියාමක නිලධාරීන් හෙට (05දා) දින සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

තම සන්ධානය යටතේ සිටින සාමාජිකයන් උදෑසන 8.00 සිට මෙම ක්‍රියාමාර්ග දියත් කරන බවත්, මීට අමතරව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා ක්‍රියාත්මක වුවහොත් තම කණ්ඩායමද එම ක්‍රියාමාර්ගයම ක්‍රියාත්මක කරන බවත් එම සංගමයේ කැඳවුම්කරු රෝ විජේකෝන් මහතා සඳහන් කළේය.

පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳ හෙට (05දා) දින සවස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා දැනුවත් කරන බවත්, ඉන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බවද හෙතෙම පවසා සිටියේය.

මෑත ඉතිහාසයේ රේගුවට පත්වූ අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්ගෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කරනුයේ ස්ථාන මාරු ලබාදුන් අධ්‍යක්‍ෂ ජනරාල්වරිය බවත්, ඒ පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කරන බවත් කැඳවුම්කරු සඳහන් කළේය.

තම සන්ධානයේ සාමාජිකයන්ද අකුරට වැඩ කිරීම ආරම්භ කිරීමත් සමග දැනට දිනකට වරායෙන් ඉවතට යන කන්ටේනර් දෙසීයකට ආසන්න ප්‍රමාණය හරි අඩක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකින් අඩුවී යන බවද ඔහු පවසා සිටියේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?