නවතම පුවත්

ආරක්ෂක නිලධාරීන් වැඩිපුරම සියදිවි නසාගන්නේ පෙම් සබඳතා නිසා

අසංක

අසංක

රාජ්‍ය ආරක්ෂක හමුදා මූලස්ථානයට ඇතුළුවන ප්‍රධාන දොරටුවේ ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත  ඉංජිනේරු බලකා  සෙබලෙක් ඊයේ (14) අළුයම සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය.

වෙඩි පහරවල් 18 ක් ඔහුගේ පපු ප්‍රෙදේශයේ සිට හිස දක්වා වැදී ඇතැයි කොටුව පොලිසිය සදහන් කරයි. ටී 56 අවියේ එකවර පතොරම් සියල්ලම පිට වෙන ආකාරයට සකස්කරගෙන එම වෙඩි තබා ගැනීම කරගෙන ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

පොළොන්නරුව අත්තනකඩවල  පදිංචිකරුවෙක් වන ප්‍රභාත් මනෝජ් නැමැති විසිහත් වියැති සෙබලෙක් එසේ සිය දිවි  හානිකර ගෙන ඇත. මෙසේ ඔහු සිය දිවි හානිකරගෙන ඇත්තේ සිය උපන් දිනය දවසේමය.

 ප්‍රේම  සම්බන්ධයක් මත ඇති වුණු හිත් තැවුලක් මෙම සෙබලා සිය දිවි හානිකර ගැනීමට මුල්වී ඇතැයි මූලික විමර්ශනවලින් පෙනීගොස් තිබේ.

අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර් ය බලකා සෙබලෙක්ද  ස්විස්ටර්ලන්ත තානාපති නිල නිවසේ ආරක්ෂාවට යොදවා සිටි ගුවන් හමුදා සෙබලෙක්ද අනුරාධපුර හමුදා කදවුරේ ආරක්ෂාවට යොදවා සිටි සෙබලෙක්ද පෙම් පලහිලව් මත  මෑතකදී සිය රාජකාරි ගිනි අවිවලින් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගත්තේය. එම සෑම සෙබලෙක්ම වයස අවුරුදු 30ට අඩු අවිවාහකයන්ය.

සිය පෙම්වතිය මුණ ගැසීමට නිවාඩු නොලැබීම් වැනි කාරණා  සියදිවි  හානිකර ගැනීම්වලට වඩාත් මුල්වී ඇතැයි පෙනී ගොස් තිබේ. සේවයේ නිරතව සිටියදී සමාජ ජාල ඔස්සේ සිය පෙම්වතියන් සමග අදහස් හුවමාරුකර ගැනීම්වලදී මෙවැනි සිත් අමනාපයන් ඇති වී සියදිවි හානි කරගැනීම්වලට සෙබලුන් පෙලබී ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී