නවතම පුවත්

කංජිපානි ඉම්රාන් නිසා CCDයේ 3කට මාරුවීම්

අසංක

අසංක

අත්අඩංගුවේ සිටින කංජිපානි ඉම්රාන් සමග සබඳතා පැවැත්වූ චෝදනා එල්ල වී සිටින කොළඹ අපරාධ කොට්ඨාසයේ උප පොලිස් පරීකෂකවරුන් 3දෙනෙක් වහාම ක්‍රියාත්මක පරිදි ස්ථාන මාරුකර තිබේ.

පොලීසිය පැවැසුවේ ඔවුන් යාපනය, මුලතිව් හා මන්නාරම පොලිස් කොට්ඨාසවලට මාරුකර යැවූ බවයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හෙවත් සීසීඩීයේ නිලධාරීන් මාකඳුරේ මධූෂ් සමග මත්කුඩු ජාවාරම් කළ මෙන්ම මුස්ලිම් පාතාලයේ නායකයා බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා සමග සබඳතා පවත්වන බවට මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැමිණිලි කර තිබුණි.

ඒ අනුව ඒ පිළිබඳ මූලික පරීක්ෂණයක් සිදු කළ අතර වැඩිදුර විමර්ශන පොලිස් මූලස්ථානය වෙත යොමුකර ඇත.

පොලිස් මූලස්ථානය කරන පරීක්ෂණයට බලපෑම් එල්ලවීම වැලැක්වීම සඳහා මෙම මාරුවීම් ලබාදුන් බව එම මූලස්ථානය පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්