නවතම පුවත්

කංජිපානි පිළිගන්න වැලිකඩ ගෝලයෝ සූදානමින්

අසංක

අසංක

සිර දඬුවම් ලැබූ කංජිපානි ඉම්රාන් පිළිගැනීමට වැලිකඩ ගෝලයන් මේ වනවිට සූදානමින් සිටින බව වාර්තා වේ.

මාස 5ක කාලයක් තිස්සේ රඳවාගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ සිටි කංජිපානි ඉම්රාන් තවදුරටත් එහි රඳවාගැනීමට අවසර නැත.

ඒ අනුව බන්ධනාගාරගත වන කංජිපානි ඉම්රාන්ට දැන් නිදහසේ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදාවී ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසයේ මාස 5ක් තිස්සේ ඔහු රඳවාගෙන සිටියත් ඔහුගේ මත්කුඩු ජාලය හෝ පාතාල ජාලය බිඳදැමීමට එහි නිලධාරීන් අපොහොසත් විය.

අධිකරණය විසින් අද ඔහුට සිර දඬුවම් ලබාදීම මෙම ජාවාරම්වලට මහත් ආශිර්වාදයක් වී ඇත.

අද මෙලෙස සිර දඬුවම් ලබා දුන්නේ 2013 වසරේදී මාළිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ගංජා සිද්ධියකට ය.

සාමාන්‍යයෙන් ගංජා නඩුවකට නියම වන්නේ රුපියල් 25000කට නොඅඩු දඩ මුදලකි.

එම දඩය කංජිපානි ඉම්රාන් වෙනුවෙන් ගෙවා ඔහු තවදුරටත් සීසීඩීයේ රඳවා ගැනීමට එහි නිලධාරීන් සූදානමින් සිට තිබේ.

අද ඇරඹුණේ මෙම නඩුවට අදාළ සාක්ෂි විභාගයයි.

නමුත් ඊටත් පෙර කංජිපානි තමා වරදකරු බව පිළිගෙන තිබුණි.

එම අවස්ථාවේ රජයේ නීතිඥයකු පවා සිට ඇතත් ඔහු නිහඬව සිට ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?